~ CHAPTER 7 ~

23 6 0
                                    

මං හොබීගේ බෑග් එකත් එල්ලගෙන ඉක්මනට ඒ මූසල තැනට ඇතුළු උණේ ජියාව ඉක්මනට හොයාගන්න ඕනේ කියලා හිතාගෙනමයි.ඒත් මං අර මූසල කොරිඩෝ එකට ඇතුළු වෙද්දිම කලින් දැක්ක සුදු පාට ඇඳගත්තූ අමුතු විකාර රූප එහෙන් මෙහෙන් මතු වෙන්න ගත්තා. 



මට බයක් නොදැනුනාමත් නෙමේ. මං තීරණේ කරා ඒවා දැක්කේ නැති විදිහට ඉස්සරහට ඇවිදගෙන යන්න.


"හහ්...හහ්......හා......... හහ් හහ් හා........"

එකපාරටම කොහෙන්ද පටන් ගත්තූ පිස්සුවෙන් වගේ හිනා වෙන සද්දේ හින්දා මුළු හවුස් එකම දෙදරුම් කෑවා වගේ වුනා. මං එතනම නැවතිලා ඉක්මනට බෑග් එකෙන් ටෝච් එක ගත්තේ මොකා ආවත් මට ඈත තියාම බලාගන්න පුලුවන් වෙයි කියලා හිතලා.



මං ටෝච් එක පත්තු කරලා මූණ උස්සද්දිම වගේ මගේ මූණ ඉස්සරහින්ම මතු වුණේ මං ජීවිතේටම දැකලා තියෙන කැතම සහ අප්පිරියම මූණ. ඒක දැක්ක ගමන් මං කෑගහගෙන පිටිපස්සට පැන්නා. ඒ මූණේ ඔජස් ගලනවා. තැන් තැන්වල පණුවෝ නලියනවා. කුණු එච්චී මස් කෑලි එහෙන් මෙහෙන් වැක් කෙරෙනවා.


එක පාරටම ආපු ඔක්කාරයක් එක්කම මං ආපස්සට හැරිලා වමනේ කරන්න ගත්තේ බිත්තියටත් අත ගහගෙන. එකපාරටම පැතිරිච්ච ජරාම ජරා කුණු ගඳට මගේ ඔලුව කැරකෙන්න ගත්තා. මං ටිකක් ඉස්සරහට ගිහින් එතනම බිත්තියට පිට දීලා ඉඳගත්තේ ඔලුවත් දණිස් දෙක අස්සේ ගහගෙන. ජියා...... මං කොහොමහරී එනවා. අද මං පණ පිටින් හිටියත් නැතත් ඔයාව බේරලම තමා යවන්නේ. මගේ රපුන්සල්...... මං එනවා.......


ජියාව මතක් වෙලා ජින් ගේ ඇස් දෙකෙන් කඳුළු බේරිලා වැටෙද්දී එයා හැදුවේ එතනින් නැගිටින්න. ඒත් ජින්ගේ පිටිපස්සෙන් ආපු අතක් ජින් ගේ බෙල්ල අල්ලගෙන හිරකරද්දී ජින් එහෙම්මම් ඉන්ඳවුනේ බෙල්ලත් අල්ලගෙන.


"ආහ්.......මාව......අත...අරිනවාආආ......... ආහ්....ම්ම්ම්ම්............"

ජින් දඟලලා දඟලලා කොහොමහරී එයාගේ බෑග් එකෙ තිබ්බ් කුරුසේ ඇදලා ගද්දී මරලතෝනී හඬක්  එක්කම ඒ අත ජින්ගේ බෙල්ලෙන් නිදහස් වුණා.

My Little Rapunzel  || KSJ || HORROR || COMPLETED ||Donde viven las historias. Descúbrelo ahora