03 වන කොටස

1.2K 197 15
                                    

එක පාරම මතු උන වාහනේ පලාතම දෙවනත් කරගෙන බ්‍රේක් කරත් මට එක විදිහටකට කෙලින් එන්න බැරි නිසා නිකන් කෙහෙල් ගහක් වැටුනා වගේ ආපු කාර්ක උඩට වැටුනා....

"මිහිමෙත්....උඹ හොදින්ද....?"

"හරි හරි මම.... මම.... හොදින් කව්ද යකෝ මෙහේම පාරේ යන්න ලයිසන් දුන්නේ ආ.....?"

මම අමාරුවෙන් නැගිටගන කාර් එකේ ආපු එකත් එක්ක ගේමට බැස්සා...

"ඔහොමද මිනිහෝ පාරේ යන්නේ..?"

"හුත්තෝ උඹ මෙතන හප්පලා ඉවර වෙලා.... තවත් කට ගහගන එනවද....?"

බඩු වැඩි වෙලා චන්ඩියා වෙච්ච අකීශ නිකන් සුපර් මෑන් වගේ පැන්නේ.. ඒ උනාට උගේ ඇගේ හරියට ග්‍රෑම් පන්සියක් කපාගන්න මස් කලදක් නෑ.... රන්ඩුව මම බේරන්න හැදුවත් හරි ගියේ නෑ. අපි දෙන්නම මාරුවෙන් මාරුවට පැටලෙන කොට අනිත් පැත්තෙන් ආපු කාර් එකක් අපි ලග ඇවිත් නතර කරලා... කාර් එකෙන් බහින සෆරාන් දකින කොට මාව තව ටිකක් ඇවිස්සුනා වාගේ...

"මිහිමෙත්... මිහිමෙත්..... මොකද්ද මල්ලි මේ කරන්නේ....?"

"අත ඇරපන් යකෝ... මට මේකගේ හොම්බට දෙකක් අනින්න ඕනේ...."

එක පාරම සෆ්රාන් මගේ පිටිපසසෙන් ඇවිත් මගේ ඉනෙන් අල්ලා ඉස්සරට යන්න දෙන්නේ නැතිව අල්ල ගන්න කොට අනිත් පැත්තේන් අකියා වෙරි මරගාතේ ගල් හොයගෙන එනවා වාහනේට ගහන්න... මාව අත ඇරලා අකීශව අල්ල ගන්න කොට මම පිස්සු නටනවා... බැරිම තැන අපි දෙන්නම ඒ හැඩි දැඩි සිරුර දෙපැත්තෙන් හිරකරගෙන සෆ්රාන් අර මනුස්සයට කතා කලා...

"මොකක්ද වුනේ මචං...?"

"මේ බේබද්දෝ දෙන්නා පාර මැද්දේ ඇවිත් කාර් එකට පැන්නා මිස්ට සෆ්රාන්......."

"අනේ මේ හුත්තෝ කව්ද යකෝ බීලා ඉන්නේ...? අතරපන් මට මුගේ හොම්බට දෙක්ක අනින්න ඕනේ.......අත ඇරපන් යකෝ......"

"හරි හරි රදීෂ් මල්ලි ඔයා යන්න...."

"එහොම කොහොමද....මිස්ට සෆ්රාන්... මුන්ගේ කට බලන්නකො... ඉන්න මම 119 ගහන්න.. මුන් හිතාගෙන ඉන්නේ බිව්වහම හෙන චන්ඩියො කියලා...."

ඒක අහපු ගමන් මෙච්චර වෙලා ඇගේ දුවපු ඇල්කොහොල් යූරින් වෙලා කලිසමේම චූ යන්න හදනවා වගේ දැනුනා...

බිදුණු හැගුමන් || BLWhere stories live. Discover now