හැමදේම හිතාගන්න බැරි විදිහට වෙනස් වෙන්න ගත්තා... සෆ්රාන් මට පිස්සුවෙන් වගේ ආදරය කරත් ඒ පිස්සුවේ මහා වියුරු බවක් දැනුනා.... මේ බැදිමෙන් යම් වින්දයක් දැනුත් දැන් ඒක එක්තරා වේදනාවක් විතරක් හිතට එකතු කරා.... ටිකෙන් ටික ප්රශ්නේ ඇවිලෙන ස්භාවයක් ගත්තා මිසක් නිවෙන බවක් තිබුනේ නෑ...
ඔය අතරේ තමයි සෆ්රාන්ගේ වයිෆ් පොලිසි ගියේ..... හිතපු නැති විදිහට ගින්න පැතිරුනා.... ජිවිතේට පොලිසියකට අඩියක් තියලා නැති අපේ දුප්පත් අම්මා අප්පච්චි වගේම ගෙදර හැමොම පොලිස්සියෙන් එන්න කිව්වහම ගොඩක් කලබල උනා... ඒක නිසා ගෙඩක් අය පොලිසියට ආවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න.....
මේ හැමදේම උනාට පස්සේ මම සෆ්රාන්ගෙන් ඈත් වෙන්න හිතාගත්තා....දරාගන්න බැරිව මාව මැරෙයි... ඒත් ඒක හොදයි කියලා හිතුනා.... පොලිසිට යන්න කලින් දා රෑ එයා මාව බලෙන් තුරුල් කරගෙන වේදනවා දරාගන්න බැරිව කෑගහලා අඩුවා.... නීතියෙන් එයාව එයාගේ ගෑනිට අයිති උනත් එයාගේ ගතින් මනසින් ආත්මයෙන් ඒ හැමදෙයින්ම එයාව මටයි අයිති කියලා..... ඒ කදුළු උහුල ගන්න බැරුව මාවත් ඇඩෙව්වා.... හැමදාම වගේ මගේ ආත්මයම දුර්වල කරවන කදුළු මාව දුර්වලයෙක් කලා.....
පහුවෙනිදා මම පොලිසියට යන කොට අපේ ගෙදර කට්ටයම සෆ්රාන්ගේ වයිෆුයි බබයි තාත්තයි ඇවිත් හිටියා.... එතන හිටිය ඩබ්ලිව්පීසි කෙනෙක් මහ ජරා විදිහට අපි දෙන්නාට බනින්න ගත්තා... ආපු කාරණය නොදන්න අපේ අම්මයි අප්පච්චි මහා වේදනාවකින් ලැජ්ජාවකින් අඩ අඩ බිම බලාගෙන හිටියා..... අන්තිමේට හැමදේම කියලා සමාදාන වෙන්න කිව්වත් සෆ්රාන් කිව්වා දික්කසාද වෙලා දෙන්නටම වන්දි ගෙවනවා කියලා....
මම ලැජ්ජාව, වේදනාව හිර කරගෙන එන්න ආවා.... අපේ අයියා හොදටම සෆ්රාන් ට බැන්නා.... අපේ ගෙදර එන්න එපා මාව හම්බෙන්න එපා කියලා බැන්නා... අපි ගෙදර ආවා...
දවස දෙක ගෙවෙන කොට මට හුස්ම ගන්න බෑ වගේ දැනුනේ... ඒ මතකයන් මගේ ආත්මයම පිස්සු වට්ටලා තිබුනේ....
හරියට බැදපු ගෑනියෙක් වගේ මානසික වගේම ශාරිරිකවත් තදින්ම එයාව ඕන වෙලා තිබුනේ.... එහෙම වේදනාවෙන් විදව විදව ඉන්න වෙලාවක අයියා මොනා හරි කියලා සෆ්රාන් මතක් කරලා බැන්නා....
YOU ARE READING
බිදුණු හැගුමන් || BL
Non-Fictionඑක සීරුවට ගිනියලා දඩු වැටවල් ගහලා තියන නවදැලි හේන් වල ඒ නැවුම් පසේ සුවදට මුසු වීගන එක සිරුවට වැස්ස වැටෙන්න ගත්තා...දිරාගිය පොල් අතු අතර හිල්වී ගිය තැන් වලින් කාන්දු වන වතුර, ගොම මැටි ගාපු පොලව මඩකරමින් වලවල් හදනවා.... ගෙදරම තියන හැලි වළං උස්සන් ඇවිත...