සීයාගේ දානේ ඉවර වෙලා ගෙදර ආවා.... දවසක නිවාඩුව මට ගෙවාදාන්න බැරි තරම් දිගයි වගේ...
මගේ හිත මාවත් අරගෙන වෙන කොහෙදෝ යන්නමයි හිතන්නේ.....මගේ හිත මගේ ආත්මය මගේ ලග නෙවේ තිබුනේ කියලා හිතුනා....ජිවිතේ පලවෙනි පලවෙනි පාරට ලොකු උනාට පස්සේ පිට මිනිහෙක් මගේ හැමදේම දැක්කේ.....ඒ වගේමයි මගේ හැම ඇදුමක්ම ගලවලා ඇදුමක් අන්දලා ඇදුම් සෝදලා තිබුනේ.....මට ඒ හැගිම ඒ සිතුවිල්ල දැනෙන හැම වතාවකම වගේ මගේ පපුව වෙනස්ම විදිහට ගැහෙන්න ගන්නවා කියලා මට දැනුනා.... මම හිතන්නේ මම ඇදන් හිටියේ සෆ්රාන්ගේ සරමක් වෙන්න ඕනේ... හැමදාමත් මගේ හිතට කෙන්තිය ගෙනාව මගේ හිත ඇවිස්සුව ඒ සුවද ඒ සරම පුරාම දැනුනා.... ජිවිතේ හැමදේම තනිව දාරගෙන තනිව ජිවිතේ ගොඩනාගත්ත මට ජිවිතේ පලවෙනි පාරට දැනුනා කවුරු හරි මට ආදරය කරන කෙනෙක් මගේ ලගින් ඉන්න කොට දැනේන හයිය කොයි තරම්ද කියලා....ජිවිතේ කවම කවදාවත් නැතිව මහා ලොකු මානසික පිළිසරණක අවශ්‍යතාවයක් මට දැනුනා...ඒක බලගතු කාන්දමකට මාව ඇදිලා යනවා වගේ... මගේ හිතේ තියන තරහ ටිකෙන් ටික මගේ හිත මේ තාක් හදුනා නොගත් හැගිමකට පරිවර්තනය වෙන්න හදන බවක් දැනේනවා.... ආක්‍රමණික ඇල්ගී ශාකයක් වගේ මගේ සිතුවිලි හැගිම් හින පුරා පැතිරෙනවා....
ඒත් මේ ජිවිතේ ගෙවන විදිහ මොකද්ද කියලා මටම හිතාගන්න බෑ....මේච්චර කාලයක් මගේ හිතට බරක් උනේ වදයක් වුනේ ජිවිතේ මම දකින හීනයන් දිගාන්න බැරි වෙච්ච පසු තැවිම විතරමයි...ඒත් දැන් දැන් මගේ හිතේ සියුම් බරක් දැවටිලා තියනවා වගේ දැනුනා..... මොනදේ කරත් මොන දේ හිතුවත් ඒ එක සිතුවිල්ලක අවසානේ හරි දැවටිලා සෆ්රාන්ගේ මතකයන්ගෙන් මගේ හිත වැහිලා ගියා... ඇත්තම කිව්වොත් මමම දන්නේ නෑ මගේ හිත ඒ සිතුවිලි වලින් පිරිලා ගියහම හිත කොයි තරම් පිරිලා යනවද කියලා.... කෑගහලා හිනා වෙලාවත් ඒ හිත පුරවලා දාන සතුට ඉවර කරන්න බැරි තරම් සතුටක් දැනෙන්නේ.... මෙච්චර කාලයක් මගේ පපුවේ හිස්වෙලා තිබනු එක අවකාශයක් මොක්කදෝ තොරගන්න බැරි හැගිමකින් පිරිලා ගිහින් කියලා මට දැනුනා....
"අනේ ඇත්තට පොඩි පුතේ උබේ කන්දෙක ඇහෙන්නේ නැද්ද? මම කීපාරක් කතා කලාද....? අද වැඩට යන්නේ නැද්ද......?"
YOU ARE READING
බිදුණු හැගුමන් || BL
No Ficciónඑක සීරුවට ගිනියලා දඩු වැටවල් ගහලා තියන නවදැලි හේන් වල ඒ නැවුම් පසේ සුවදට මුසු වීගන එක සිරුවට වැස්ස වැටෙන්න ගත්තා...දිරාගිය පොල් අතු අතර හිල්වී ගිය තැන් වලින් කාන්දු වන වතුර, ගොම මැටි ගාපු පොලව මඩකරමින් වලවල් හදනවා.... ගෙදරම තියන හැලි වළං උස්සන් ඇවිත...