කාලෙකට පස්සේ රත්වෙලා තියන දඹුල්ලට අවුවත් එක්කම හීනියට වගේ කුඩු පොදක් වැටෙන්න අරගෙන....
පොඩ්ඩක් විතර විවේකයක් ලැබුන නිසා හවස තේක බොන ගමන් පිටිස්සේ දොර ගාව ඉදන් ලග තියන කොහොඹ ගහේ සිරි සිරි ගාලා වැටෙන වැහි පොද දිහා බලාන හිටියා..... රේස් එක දුවන අශ්වයෙක් වගේ මමත් මොකක්දෝ රේස් එකක් නේද මේ දුවන්නේ කියලා මට හිතුනා.... ඒත් ඒ අශ්වයා දුවන්නේ රේස් එකක් කියලා ඌ නොදන්නවාට මම දැන දැනමයි දුවන්නේ....
"ආ... උඹ සැපට කිරිඑක බොන ගමන් වැස්සේ ලස්සන්න බලහන්..අරහේ අර බේබාදාදෝ ....."
"ෂ්... බේබද්දො නෙවෙයි...බන් ගෞරවයෙන් කතා කරහන්... ඒ කස්ටමර්ස්ලා කස්ටමර්ස්ලා හරි........."
"හුටා.... වැරදුනා ස්වාමිනි.... උබේ කස්ටමර්ස්ලා... මගේ බේබද්දො ටික මාව කන්න හැදුවා.....උඹ නෑ කියලා....."
"මොකක්......?"
"මොකක් කිව්වට මට ඒ කියපු දේ ආයමත් කියන්න බෑ රජෝ..... උඹට ඇහුන හැටි හරි... වැරදියට ඇහුනේ නෑ.... උන් කියනවා අර වෙනදා ඉන්න අර ලස්සන සුදු මල්ලි නැද්ද.... මිනිහා හිටියනම් ලස්සනට බෑග් එකක දාලා ටක් ටක් ගාලා බඩුටික දෙනවා කියලා. මට උගේ මවු දෙමාව්පියෝ මතක් කරලා දෙන්න හිතුනා... මොනා කරන්නද වෙලාවකට උඹ කියනවා වගේ මේ ජොබ් එක නිසා ආපේ ආත්ම ගෞරවය නැතිව ජිවත් වෙන්න වෙලා තියෙන්නේ... මට දිරිවගන්නම බැරි.... "අර ලස්සන විසේකාර මල්ලියා.... ඉක්මනමටම බඩුදෙනවලු....." කියනකොට තමයි.... "
"නෑ.... උඹට ඉතින් ඉරිසියයිද.....ඉතින් උඹට හිතුනේ නැද්ද ඉක්මටම බඩු දෙන්න....?"
"ආ ඒ හරියට මොකට කියනවද... මටත් පොරව දැක්ක ගමන්... "
"ඔවු දැක්ක ගමන් බඩු දෙන්න නෙවෙයි... බඩු යවන්න... "
අපි දෙන්නම කුනුහරප කිය කිය හිනා උනා.... කාලේකට පස්සේ දුක්වේදනා හිතේ ඈත මුල්ලකට විසිකරලා දාලා ඒ අහිංසක කොලුකම... කොලු ගතිය... ඒ මනුස්ස ගතිය... යාන්තමින් මතුවෙලා ආවා වගේ දැනුනා... අකීශ ඇස් ලොකු කරගෙන මම හිනා වෙන දිහා බලාන හිටියා...
"ඌ කිව්වා හරි... උඹ ඇත්තටම ලස්සන කොල්ලෙක් මිහිමෙත්......උබේ හිනාව ඇත්තටම ලස්සනයි.... ඒත් මට උඹ හම්බ වෙච්ච දවසේ ඉදලා මූන එල්ලන් නෙ ඉන්නවා දැකලා තියෙන්නේ......."
YOU ARE READING
බිදුණු හැගුමන් || BL
No Ficciónඑක සීරුවට ගිනියලා දඩු වැටවල් ගහලා තියන නවදැලි හේන් වල ඒ නැවුම් පසේ සුවදට මුසු වීගන එක සිරුවට වැස්ස වැටෙන්න ගත්තා...දිරාගිය පොල් අතු අතර හිල්වී ගිය තැන් වලින් කාන්දු වන වතුර, ගොම මැටි ගාපු පොලව මඩකරමින් වලවල් හදනවා.... ගෙදරම තියන හැලි වළං උස්සන් ඇවිත...