ජිවිතේ කෙනෙක්ට තව කෙනෙක්‍ට දෙන්න පුලුවන් උපරිම දඩුවම නිහඩබවයි....
හැමදේම මේ පපුව ඇතුලේ නිහඩව හිර කරගෙන ඉදලා යන්න යන එක තමයි ඒ බයානක දඩුවම... නංගි ඒ දඩුවම මට දිලා යන්න ගියා...
ඒ දඩුවමම මටත් නොදැනි මම සෆ්රාන්ට දෙනවද කියලා මට හිතුනා.... ඒත් මට එයා ගැන කිසිම හැගිමක් දැන් නෑ.... අනුකම්පාවක් විතරයි දැනෙන්නේ...මොකද සල්ලි වලට මගේ තිබුන කෑදර කම ඒ අහිංසකයට උහුල ගන්න බැරි අපාරාධ ගොඩක් මැද්දට වගේම ගෙවලා ඉවර කරන්න බැරි තරම් පවු ගොඩක් මැද්දට දාලයි නැවතුනේ....
බලන් යන කොට මේ හැමදේකටම අපරාධකාරයා මමයි......
හිත ගොඩක් අවුල් වෙලා තිබුනේ.... සෆ්රාන් හම්බ උනාට පස්සේ ඒ හිත තවත් අවුල් උනා....මම ගෙදර ඇවිත් පුතාව පපුවට තුරුල් කරගෙන හිත සංසුන් කරගත්තා....ඒත් මගේ සැනසිම මගේ ජිවිතේ වගේම ජිවත් විමේ අයිතියත් නැති කරලා දාලා වගේ සෆ්රාන් දිගටම මැසේජ් දානවා.... මට කෑගහලා අහන්න හිතුනා මගේ ජිවිතේ මේ තරම් දෙයක් වෙලා තියෙද්දිත් දෙයියනේ උඹට ඇති වුනේ නැද්ද කියලා.... හැම මොහොතකම ලොකු භයකින් මම ජිවත් වෙන්නේ... කිසිම සැනසිමක් හිතේ අහලකවත් නෑ.... අඩුම ගානේ අම්මා හරි පරණ මතකයන් ගොඩ දාලා මට අරවා මේවා කියනවා.... ජිවිතේ ජිවත් කරවන්නේ මගේ පැටියාගේ මූන දිහා බලලා.... කියන්න කෙනෙක් නෑ අහන්න කෙනෙක් නෑ....
මට වගේම මගේ මුළු ආත්මයටම ආදරය කරපු මගේ රැකවරණය මට සදහටම නැති උනේ.... මට සිය දහස් වාරයක් හිතුනා අනේ නංගි හිටිය නම් කවදාවත් එයා මට මෙහෙම දුවෙන්න දෙන්නේ නෑ නේද කියලා.... එයා මොනතරම් වේදනාවක් හරි හිතේ හිරකරගෙන මගේ හිත හදන්න හදපු පුදුමාකාර මනුස්සයෙක්.... මගේ ජිවිතේ මගේ පපුව ගැහෙන හඩ දැනුනේ එයාට විතරයි.... මුළු ලෝකයක් මට පීඩා කරද්දි කවදාවත් වචනයකින් වත් මගේ හිතට රිද්දලා නෑ.... ඒත් ලොකයක් හමුවේ නිහඩව දරාගෙන ඉන්න මම ඒ අහිංසක හිතට කෑගහලා බැලනලා තියනවා........ඒ එයා මගේ එයා මටයි අයිති කියන හැගිම හිතට දැනුන නිසා වෙන්න ඇති... ඒත් අද මම පුදුමාකාර විදිහට තනි වෙලා......
එක පාරම ෆොන් එක රින්ග්ස් යන්න ගත්තා... සෆ්රාන් කොල් කරනවා... මම දරුවා ඇහැරෙයි කියලා සයිලන්ට් කරලා හිටියා... හතර පාරක් විතර අරගෙන පස්සේ මැසේජ් එකක් එවලා තිබුනා....
YOU ARE READING
බිදුණු හැගුමන් || BL
Non-Fictionඑක සීරුවට ගිනියලා දඩු වැටවල් ගහලා තියන නවදැලි හේන් වල ඒ නැවුම් පසේ සුවදට මුසු වීගන එක සිරුවට වැස්ස වැටෙන්න ගත්තා...දිරාගිය පොල් අතු අතර හිල්වී ගිය තැන් වලින් කාන්දු වන වතුර, ගොම මැටි ගාපු පොලව මඩකරමින් වලවල් හදනවා.... ගෙදරම තියන හැලි වළං උස්සන් ඇවිත...