#දුඹුරු_සඳ_151
🌙𝒜 𝓇 𝑜 𝒽 𝒾 𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶 𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶
"මිස්..."
අනපේක්ෂිතව සිදුවූ දෙය නිසාවෙන් මොහොතකට ගල් වී මෙන් හුන් රොවේන් පීහුව තම ළයෙන් මෑත් කරනට තැත් කළේ කලබලයෙන්.
"ඉහ්.. අ..නේ මං හි..තුවේ ආපහු මට ගෙදර ය..න්න ඉ..හ් වෙන්නෙහ්..නැති..වෙයි කියලා.."
ඉකි ගසමින්ම ඈ පවසන්නට වූයේ රොවේන්ගේ බ්ලේසරය තදින් තම අතැඟිලි වලට මැදි කරාන.
"කලබල වෙන්න එපා මිස් පීහු. දැන් ප්රශ්නයක් නෑ. ඉක්මනින්ම ඔයාට සර්ගෙ ගෙදරට යන්න පුළුවන්."
පීහුගේ උරහිස් වලින් අල්වා ඇයව තවත් මෑත් කරමින් රොවේන් පවසන්නට වූයේ අපහසුවෙන් මෙන්. කුඩා සේවකයෙකු වන තමාට ආසියාවේ ධනවත් රාජකීය පවුලක අයෙක් මෙලෙස සමීප වද්දී රොවේන්ට දැනෙන්නට වූයේ වරදකාරී හැඟීමක්.
"සොරි.."
රොවේන්ගේ කලබල මුහුණත් ඔහු තමාව මෑත් කරන අයුරුත් අපූරුවට වැටහෙද්දී පීහු රොවේන් අසලින් මෑත් වූයේ තමා හැසිරුණ අයුරු නුසුදුසු නිසාවෙන් ඔහුගෙන් සමාව අයදිමින්.
"මං කලබලේට..."
නමුදු තම සමාව අයදීම හමුවේ රොවේන්ගෙන් කිසිදු ප්රතිචාරයක් නොඑද්දී පීහු නාසය උඩට අදිමින්ම වදන් අහුලන්නට වූයේ පැහැදිලි කිරීමකට.
"ඉට්ස් ඕකේ මිස්."
මද සිනහවක් සමග රොවේන් පවසන්නට වූයේ තම බ්ලේසරයෙන් ටිශූ එකක් ගෙන පීහුට දිගු කරමින්.
"තැන්ක්යූ."
"බෑග් එක කොහෙදිද මිස්ප්ලේස් වෙලා තියෙන්නෙ?"
"ලන්ඩන් එයාපෝට් එකේදි. මම ඉඳගෙන හිටපු තැන හෑන්ඩ් බෑග් එක දාල ඇවිත්."
"වට්? හෑන්ඩ් බෑග් එක අමතක වුණේ කොහොමද?"
"ෆෝන් එකයි පර්ස් එකයි එක්ක ඩොකියුමන්ට්ස් අතට අරන් මම නැගිටිද්දි ගර්ල් කෙනෙක් කතාකරලා වොශ්රූම් ගැන ඇහුවා. එතකොටම අනවුන්ස් කරපු නිසා හදිස්සියට එතන දාලා ගිහින් මම."
පීහු තරමක් සාමාන්ය වූයේ රොවේන්ට ඇයව අස්වසාලන්නට මහත් පරිශ්රමයක් අවශ්ය නොවෙද්දී.