173

3K 256 42
                                    

#දුඹුරු_සඳ_173🤎🌙

එහෙමම කෙලින් වී ඔහු ඈ ඔඩොක්කුව මත හිස තබාගෙන දෑස් පියාගන්නට වූයේ විණාරා ගල්ගැසීගෙන හිඳිද්දී. දෑස් වසාගෙනම අත එහෙ මෙහෙ කර විණාරාගේ අත අල්වාගත් ආග්න නැවතත් තබාගන්නට වූයේ ඔහු හිස මත.

සියුම් මන්දස්මිතයකට ඉබේටම මුව මත තැවරෙන්නට ඉඩදී විණාරා අනෙක් අතත් ගෙන ආවේ ඔහු හිස මත්තට. ඉඳින් ඈ මෘදු ඇඟිලිතුඩු මෘදුවම ඔහු හිසකේ අතර එහෙ මෙහෙ යන්නට වූයේ ආග්නව සුවදායිම හැඟුමකින් වෙලාගනිද්දී.  ඔහු කඩවසම් උවන මතම නෙතු තබාන විණාරා තරමක් දිගු ඔහු හිසකේ අතරින් ඔහු හිස පිරිමදින්නට වූයේ ආග්නට ඉබේටම නින්ද එද්දී.

මිනිත්තු කිහිපයක් ගෙවී යද්දී ආග්නට තදින් නින්ද ගොස් ඇති වගක් විණාරාට දැනුනේ ඔහු හුස්ම ගන්නා රිද්මයෙන්.

'මහන්සි වෙලා ආවම මාත් ඔයාගෙ සැනසීම නැති කරනවා නේද ආග්න...'

ඈ සිතින් විමසන්නට වූයේ ඔහු කම්මුලක් මත එක අත්ලක් මෘදුව තබා. ඉඳින් තමාට ඔහුව කෙතරම් අවැසි වූවත් ඔහු වන් කාර්යබහුල අයෙක්ට තමා අසලම ගැවසිය නොහැකි වග ඇය තේරුම් කරන්නට වූයේ තම සිතටම. ඔහු තමා වෙනුවෙන් කරනා අසීමිත කැපකිරීම වලට පෙරළා තමා අඩුම තරමේ ඔහුට මානසික සුවයවත් දිය යුතු නොවේදැයි කියා සිත විමසුවේම.

ආග්න එදින අර තරුණිය හා යන්නට ඇත්තේද යම්කිසි රාජකාරියට වෙන්නට ඇතැයි කියා සිත සනසවාගත් විණාරා අදිටන් කරගත්තේ යළිත් මෙලෙස හැසිරී ඔහුට හිසරදයක් නොවන බවට. අසීරුවෙන් හෝ තමා වෙනුවෙන් ඔහු නැති අවකාශයක සුවදායි තැනක් කෙසේ හෝ සාදාගතහොත් එය තමාටත් වඩා ඔහුට පහසුවක් වනු ඇතැයි සිත කීවේම.

සිතිවිලි වලින් බොහෝ දුර ඉගිල ගොස් යළිත් මෙපිටට අත්තටු සැලූ ඈ දෙනෙත් යළිත් නතරව යන්නට වූයේ පියවී තිබූ ඔහු දෙනෙත් මතට. ඒ ඝනකම් දෙබැම ඔහුට ගෙනවිත් තිබුණේම රළු පෙනුමක්.

එයටම සරිලන අයුරින් ඝනකම් ඇහිපිය සහිත අඳුරු පැහැ ඇහිදාර වලින් යුත් ඔහු දෙනෙත්නම් සැබැවින්ම විශ්වයක් මෙන් කියා ඇයට සිතුණේම. විටෙක එක බැල්මකින් තම මුළු ආත්මයම බියෙන් කළඹවාලන්නක්! විටෙක ඒ බැල්මකින් තම හදවත අභ්‍යන්තරයේ හැඟුම් දහසක් එක්වර හිරිවට්ටවාලනක්! තවත් විටෙක ඒ බැල්මෙහි කිඳාබැස තිබෙනා සරාගී හැඟුම් තම ආත්මයම කිතිකවාලන්නක්! විටෙක ඒ බැල්මෙහි ගැබ්ව තිබෙනා ආදරණීයම, ප්‍රේමණීයම හැඟුම් හමුවේ හදවතත් පියාපත් සලවන්නක්! ඉඳින් ඔහු ඒ දෙනෙත තමාට විශ්වයක් නොවේද?

දුඹුරු සඳ | On hold (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Where stories live. Discover now