#දුඹුරු_සඳ_182
ඉඳින් ඈ තිගැස්සී අවදි වන ආකාරයත්, ඒ බියපත් බැල්ම තමා දෙසට යොමු වන ආකාරයත් නෙත ගැටෙද්දී ආග්නට දැනුණේ යම් පසුතැවීමක්. මේ ගැටළුවට පිළිතුරු සොයාගන්නා තුරු ඇයව බියනොවැද්දිය යුතු බැව් සිත කියද්දී ආග්න සයනයෙන් නැගිටගත්තේ හුස්මක් හෙළා.
"බෙඩ් එකට ගිහින් නිදාගන්නවා."
ඈ දෙස නොබලාම එලෙස පවසා ආග්න නානකාමරය දෙසට පියමන් කරන්නට වූයේ කල්පනාබරිතව. ආග්න ආපිට කුටියට පැමිණෙද්දී විණාරා උන්නේ සයනය මත නින්දක. නමුදු ඈ හිඳින්නේ බොරු නින්දක වග ආග්නට අපූරුවට වැටහෙද්දී ඔහු මුව කොණක සියුම් හසරැල්ලක් නැඟුණද සිතනම් තිබුණේ හොඳටෝම බරව ගොසින්. එහෙමම ගොස් ෆෝමල් ඇඳුමකින් සැරසී ඔහු විත් නතර වූයේ විණාරා නිදන් හුන් සයනය අබියස.
"මම හොටෙල් එකට යනවා මීට්න් එකක්..එද්දි රෑ වෙනවා.
කම්මැලිනම් ලයිබ්රි එකට යනවා. පීහුලත් ඉන්නවනේ. පරිස්සමින් ඉන්නවා..."
ඉඳින් බලෙන් පියාගෙන හිඳිනා ඇහිපියන් යන්තම් චලනය වන අයුරු පෙනෙද්දී ආග්න උන්නේ මුව කොණක වූ සිනහව ඒ ලෙසින්ම තබාගෙන.
"මං දන්නවා ඇහැරලා ඉන්නේ කියලා.මං ගියාමවත් වොශ් දාලා කෑම කනවා.
තමුසෙ මගෙන් දුවන්නෙ ඇයි කියලා ආවම බලාගමුකො."
එලෙස පවසා එහෙමම නැවී ඈ නළලත මත කෙටිත් නොවූ දිගුත් නොවූ සිපුමක් තබා ආග්න කුටියෙන් නික්මෙන්නට වූයේ ඔහු අබියසින් හැමූ විලවුන් සුවඳ කුටියෙන් ක්රම ක්රමයෙන් අතුරුදන්ව යද්දී.
ඉඳින් කෙතරම් බියක් දැනුණද ඔහු දුරස්ව යද්දීත් විණාරාගේ හිත වෙලාගන්නේම දරාගත නොහැකි තරමේ පාලුවකින්. ආග්න පිටත්ව ගොස් මිනිත්තු ගණනාවකට පසුව විණාරා සයනය මත වාඩි වූයේ හුස්මක් හෙළා. හිස් කුටිය පුරා ඈ නෙතු දිව ගියේ හෙමිහිට. ඔහුත් සමඟම ඔහු විලවුන් සුවඳත් කුටියෙන් අතුරුදන්ව ගොසින්. ඉඳින් අදත් රාත්රිය වනතුරුම ඔහුව යළි දැකගත නොහැකි වගක් සිහිවද්දීත් ඇයට දැනෙන්නේ වේදනාවක්.
"අනේ මට තේරෙන්නෑ ආග්න... මට ඔයාගෙන් ඈත් වෙන්න ඕනෙ නැහැ... ඈත්වෙලා ඉන්නත් බැහැ... ඒත්"