154

6.2K 207 75
                                    

දුඹුරු සඳ 154

🌙𝒜 𝓇 𝑜 𝒽 𝒾 𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶 𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ඈ දෙනෙත් විසල්ව ගියේ තප්පර ගණනාවක් ආයාගත් දෙනෙත් ඔහු මතම නැවතී තිබුණේත් ඒ කාරණය විණාරාව පුදුමයටත්, යම් තිගැස්මකටත් ලක් කරද්දී.

"අහන්න දෙයක් නෑ. ඒ මොඩ්ල් රෝල් එක කරන්නේ ඔයා කියන එක මම දැනටමත් ඩිසයිඩ් කරලා ඉවරයි."

ඉඳින් ඈ කෙතරම්නම් කුලෑටියිද කියා දන්නා නිසාවෙන්ම ආග්න පවසන්නට වූයේ විණාරා කුමක් හෝ විමසන්නට යද්දී. මතකය අහිමි වූවත් ඇයගේ අභ්‍යන්තරයේ නිධන්ව තිබෙනා ඒ පෞර්ෂත්ව දුර්වලතාවය විටින් විට එළියට එන්නේ ඉබේම.

"අ.නේ මං..."

කරමින් හුන් කාර්යද නවතා විණාරා හුන් අසුනින් නැගිටගත්තේ ළයත් වේගයෙන්ම ගැහෙද්දී. ඇය කලබලව හිඳින වග හොඳාකාරවම දන්නා මුත් ආග්න සාමාන්‍ය අයුරින් හැසිරෙන්නට වූයේ හිතා මතාම. ඇගේ කලබල බැල්ම දෙසවත් නොබලා ඔහු සාමාන්‍ය අයුරින් තම අසුනේ වාඩි වී මේසය මතට අතෙහි වූ ලිපිගොනුවක් දැම්මේ විණාරා ඔහු තමා දෙස බලම තුරු හිඳිද්දී. ඒ අන්කවරක් හෝ නිසාවෙන් නොව තමාට මෙය කිරීමට සුදුසුකමක් නැති බවත්, තමා මෙයට බිය බවත් දහසක් දෑ ඔහුට පවසන්නට.

"කම් හියර් ඇන්ඩ් ටේක් අ ක්ලෝස් ලුක්."
(ඇවිත් මේක බලන්න හොඳට...)

ඇයට කතාකිරීමට ඉඩක් නොතබාම ආග්න ඊමේල් ලිපියක් විවර කර එහි වූ zipped folder එකක් බාගත කරමින් මුව විවර කළේ.

"අනේ මං කොහොමද මොඩ්"

"ඇඩ්වර්ටීස්මන්ට් එකේ කොස්ටූම් ටික තාම ෆයිනලයිස් කරලා නෑ."

යලිත් ඇයගේ වදන් ඉබේම යටපත් වී ගියේ පරිඝනක තිරය මතටම නෙතු යොමාන ආග්න එලෙස පවසද්දී.

"බට් FD department එකෙන් ආපු කොස්ටූම් සාම්පල් ටික මේ. කම් හියර්"

ගල්ගැසීගෙන මෙන් කතාකරන්නට අවස්ථාවක් ගන්නට බලාන උන් තැනම හිටගෙන හිඳිනා විණාරාගේ අතකින් අල්වා තමා අසලටම ගෙන ඔහු පවසන්නට වූයේ ඇය නැවතත් තිගැස්සී යද්දී.

"මේ ඔයාගේ කොස්ටූම් එක."

එහි වූ ඇඳුම් විලාසිතා ස්කෙච් කිහිපයක් පෙන්වමින් ආග්න පවසද්දී විණාරා ආග්න දෙස හැරී බැලුවේ ව්‍යාකූලව ගිය බැල්මක් දෙනෙතෙහි රඳවාන.

දුඹුරු සඳ | On hold (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Where stories live. Discover now