chapter 14👻🖤

34 5 11
                                    

උදේම වගේ මම ඇහැරුනේ කන අස්සෙම වගෙ කුකුළු ගෑ ගහන සද්දෙ නිසා........මුන්ගෙන්නම් මාරම කරදරයක් හවු උනොත් චිකන් සුප් එකක් හදනවා සෙප්ත උන්ට අස්ව ගුඩුන් යන්න ඕන කියලා අපි පලිද හුම්ම්ම්ම් නිකම් මර ලතෝනි දීලා අපිව ඇහැරවන්නැතුව තමන්ගේ වැඩක් පාඩුවෙ කරගත්තනම් අපි එපා කියනවද ආ නැප්ත.....ඒ කුකුල්ලු ටිකටත් බනින ගමන් මම බැලුවේ වෙලාව දිහා

හපෝ තාම 7ටවත් නෑ.........ශීට් එක අස්සෙන් ඔලුව දාලා මම බැලුවේ යූනි දිහා එයානම් ගොරව ගොරව නිදි.......අනික් පැත්ත හැරිලා කොච්චර නිදාගන්න උත්සහ කරත් මට නිදාගන්නනම් පුළුවන් උනේ නෑ යූනිත් නැගිටලා නැති නිසා කෑම කන්න විදිහකුත් නැති නිසා මම එහෙමම නාන කාමරේ අස්සට රිංග ගත්තා.....

 
නිදිමරගාතෙම නහයත් කස කස ගිය මම පොඩි උන ඇස් එක්ක බ්‍රශ් එක අතට ගත්තා......ඒක අරන් කටේ ගහගෙන මදින්න ගත්තට පස්සෙ තමා මතක් උනේ මම මදින්නේ ටූත්පේස් නැතුව කියලා.....වම් ඇහැ කස කසම මගෙ ඔලුවට උඩින් තිබ්බ කබඩ් එක ඇරලා ඔහේ අත එහාට මෙහාට කරලා ටූත්පේස් එක හෙව්වත්......ඒකෙ අඩමානෙට හේත්තු කරලා තිබ්බ බෝතල් ඔක්කොම වගේ මගේ ඔලුවට කඩන් වැටුනා.......

ලස්සන පද ටිකක් සිහි කොරන ගමන් දෑතින්ම බෝතල් ටික අතට අරන් ඒ ටික ඔහේ ඇතුලට දැම්මා.......බිම තිබ්බ තව බෝතල් දෙක තුනක් අහුලල තියලා අතට අහු උන අන්තිම බෝතලේ ඉස්සරහින්ම තියලා ආයිමත් ඒ කබඩ් එක වැහුවා........බුරුසුවත් කට අස්සට දාන් දත් අතර එහාට මෙහාට කරලා දතුත් මැදන් ඇගත් හෝදගත්තු මට ටවල් එක පිටින් ආයෙ ගියෙ කාමරේට ඊට පස්සෙ ඇදමුකුත් ඇදන් පල්ලෙහාට යන්න කලින් යූනි ඇහැරිලා කියලා බැලුවත් එයානම් තාම නිදි

මම ඔහොමම පඩිපෙළ දිගේ බිමට බැහැලා....කෙලින්ම ගියේ කුස්සියට කුස්සියට ගිහින් වතුර කේතලේ අරගෙන ඒකට වතුර ටිකක් දාලා ලිප පත්තු කරලා ඒක ලිප උඩින් තිබ්බා........ අපි දෙන්නට බොන්න කිරි හදන්න

ඔහොම ටික වෙලාවක් යනකොට වතුර බුබුලු දදා නටන්න ගත්ත නිසා මම ඇගිලි තුඩුවලින් ඉස්සිලා උඩ රාක්කෙ තිබ්බ කෝෆි කුඩු එක අරන් කෝෆි ටිකයි මෙසේ මුල්ලෙ තිබ්බ කිරි බෝතලේ තිබ්බ කිරි ටික්කුයි ටී පොට් එකට දාලා වෙනම සීනිත් අරන් කන්න කුරක්කන් පාන් බිස්කට් ටික්කුයි ජෑම් බෝතලෙකුයි දාපු ට්‍රේ එක කෑම මෙසෙ උඩින් තිබ්බා

👻🖤  ~♡ Be a ghost with you ♡~ 🖤👻Where stories live. Discover now