Final chapter 🖤

37 3 6
                                    

එකපාරටම මට හුස්ම ගන්න එකත් අමතක උනා සික් අමතක උනානෙ මට කොහොමත් හුස්ම ගන්න බෑනේ ඒත්......අනේ ඒත් ඔයාලා
විශ්වාස කරනවද ඒ ගෑණු කෙනා මම වගේමයි එයාට තිබ්බේ මගේ රූපෙමයි වෙනස....වෙනස තමයි එයා ජීවත් වුණා ඇත්තටම එයාගේ හුස්ම වැටෙනවා මට පේනවා

මම යූනි දිහා බැලුවේ එයා තාම මෙයා දිහා ගල්වෙලා බලන් ඉන්නවද කියලා බලන්න ඒත් මම දැක්ක දෙයින් මගේ හදවත ගැලවිලා බිමට වැටුනා වගේ යූනි....යූනි එයා මගේ එහා පැත්තේ උන්නත් මම එයාව ඇල්ලුවට මට එයාව ඇල්ලුන්නෑ....මම එයාට කෑ ගැහුවා පුළුවන් තරම් වේගෙකින් කෑගැහුවා ඒත් එයා යන්න ගියා....නොපෙනීම යන්න ගියා



ආයෙමත් එක පාරම හුස්ම ගන්න බැරුව ගිය නිසා මම ඉක්මනින් සාක්කුවේ තිබ්බ බෙහෙත් පෙත්ත අරන් කටේ දා ගත්තා
වැස්ස නිසාමද කොහෙද මුළු සොහොන වටේම මහ මූසල ගතියකින් පිරිලා තිබ්බේ තැතින් තැන වැටිලා තිබුන කොළ අතු, පරවුණ මල් සොහෙනේ තිබුණ පාලු ගතිය තවත් වැඩි කළා

ඒ පාළු මූසල පාරේ දිගටම ගිය මම නතර වුණේ කළු ගලකින් හදපු උස සොහොන් කොතක් ඉස්සරහ හරියට මේක මගේ ගෙදර වගේ හැම මාසෙකටම සැරයක් මම මෙහෙට ආවා ඒත් මේ දෙයින් පස්සෙ අද මම මෙහෙට ආවමයි ඒකත් අවුරුදු හතකට පස්සේ

ඒත් මේ සොහොන් කොත හැමදාම වගේ අදත් ගොඩක් ලස්සනට තිබුණා දන්නවද මේ මගේ ගෙදර තව අවුරුදු ගානකින් මම මේ ශරීරයෙන් ගියාට පස්සෙ මම හැමදාටම මෙතන නිදාගන්න දැනටමත් සූදානම් අතේ තිබුණ ඩේසි පොකුර සොහොන් කොත උඩින් තිබ්බ මම එතනින් දණගහගත්තේ ඒ සොහොන් කොතේ තිබ්බ පිංතූරේ අතින් අතගාන ගමන් ඒ ලග තිබුන ඩේසි මල් මට මගේ මැරැණ සුන්දර අතීතේ මතක් කරන්න සමත් වුනා ඇත්තටම මම සතුටින් ජීවත් වුණ අන්තිම කාලේ ඒ කිව්වොත් මම හරි එදා ඉදන් ගතින් නොමැරුණත් මම හිතින් මැරුනා

ඔයාලා බලනවා ඇති නේ මම කවුද කියන්න....ම්ම්ම්ම්ම්ම්.....මම තමා ජියෝන් හනකි.....ඒත් හොල්මනක් නෙමේ ඇත්තටම හුස්ම ගන්න හනකි කෙනෙක්.....ඇත්තටම කිව්වොත් මම එදා ඇත්තටම මැරුණේ නෑ.....මම එදා ස්විසයිඩ් කරගත්තෙ නෑ......මම ඒ බිල්ඩින් එකෙන් පහළට පැන්නෙත් නෑ.....මම දරාගත්තු දේවල් එක්ක මම ඒ තරම් දුර්වලයෙක් වෙන්නෑ

You've reached the end of published parts.

⏰ Last updated: Mar 23 ⏰

Add this story to your Library to get notified about new parts!

👻🖤  ~♡ Be a ghost with you ♡~ 🖤👻Where stories live. Discover now