" අැයි මොකක්ද ග්රව්න්ඩ් එකේ වෙන්නේ....."
ජංකුක් සූබින් සමග පිට්ටනියට යන ගමන් අැහුවා....
Subin : ජංකුක් බෝගම් first year කොල්ලෙක්ට රැග් එකක් දෙන්න හදන්නේ..
Jungkook : රැග් එකක්.... කාටද ?
Subin : මොක්ක්ද........ මට එ කොල්ලගේ නම මතක් වෙන්නේ නෑනේ.. මේ ට.... ටො....
Jungkook : තටමන්නේ මොකද මිනිහෝ හරියට නම කියපන්කෝ.... එ් බෝයිගේ නම මොකක්ද...
Subin : හරි බන් මොකක්ද ටේහ්යො........
Jungkook : ah ශිට්......
ටේගේ නම අැහුන ගමන් ජංගුක් සූබින්වත් තල්ලු කරගෙන ග්රව්න්ඩ් එක පැත්තට දුවගෙන ගියා. මේ උන දේ හිතා ගන්න බැරුව සූබින් එතනම ගල්වෙලා බලන් හිටියා...
Subin : මොකක්ද යකෝ මූට එකපාරටම හැදුන කඩි කුලප්පුව. එ් කොල්ලගේ නම කිව්වා විතරයි මේකා කගවේනා වගේ දිව්වනේ. අනේ මන්දා මටත් ඹ්නි නැති මගුලක් නෑනේ....
Meanwhile ground,
ජංගුක් පිට්ටනියට එනකොට පිට්ටනිය වටේටම කට්ටිය පිරිලා. එතන මොකක් හරි ලොකු දෙයක් වෙනවා. ජංගුක් අඩිය ඉක්මන් කරලා කට්ටිය අතරින් ඉස්සරහට යනවත් එක්කම....
" අාහ්........"
Jungkook : එ්.... එ්න්ජල්
ඔව් ජිමින්ව රැග් කරන්න ගියපු බෝගම්ගේ කන්ඩායමෙන් ජිමින්ව බේරගන්න ගියපු ටේව එතන හිටපු කොල්ලෙක් තල්ලු කරා. එ්ත් වැටෙන්න ගියපු ටේ නොවැටී බේරැනේ ශක්තිමත් අත් දෙකක් එයාගේ ඉන වටේ එතුන නිසා. ටික වෙලාවක් අැස් පියාගෙන හිටිය ටේ අැස් අැරලා බලනකොට එයා හිටියේ ජංගුක්ගේ අත් වලට මැදිවෙලා.
Jungkook : මොකක්ද මෙතන වෙන්නේ තමුසෙලා මොකක්ද මේ නටන නාඩගම අාහ්....... එ්න්ජල් ඔයා හොදින් නේද..
ජංගුක් ප්රශ්න කරනකොට ටේ ඔලුව හෙලෙව්වා. ඊට පස්සේ ජංගුක් ගියේ බෝගම් ලගට.
Bogum : ඔහො කව්ද බලන්නකෝ මේ අැවිල්ලා ඉන්නේ... මොකෝ ජංගුකා උබ මේ වගේ වැඩ වලට මැදිහත් වෙන්නේ නෑනේද එක පාරම මොකෝ සමාජ සේවය කරන්න හිතුනද
Jungkook : මං කරන දේවල් තමුසෙලාට වැඩක් නෑනේ. කියන දේ හොදින් අහගන්නවා අතන ඉන්න කෙනාට අාපහු අතක් හරි තියන්න කලින් එ අතේ අාසාව නැති කරගන්නවා. මං දෙපාරක් එකම දේ කියන්නේ නෑ කියලා උබ දන්නවනේ බෝගම්....
YOU ARE READING
LOVE IS NOT A GAME
Fanfic" අැයි කුකි මං මොනා කරාටද මට මෙහෙම කරන්නේ. මං කොහොමද පිලිගන්නේ එ් අාදරේ රගපෑමක් විතරයි කියලා " " තමුන්ට පිලිගන්න බෑ කියලා මං මොනා කරන්නද අනික කවුද තමුසේ වගේ කෙනෙක්ට අාදරේ කරන්නේ " මට සමාවෙන්න මැනික මේ හැමදේම කරන්නේ ඔයාගේ හොදට පුලුවන් නම් ඔයාගේ කුකි...