PART 4

156 30 6
                                        

ටේ හිටියේ එයාගේ අැදේ එහාට මෙහාට පෙරලි පෙරලි. ජින් ටේගේ කාමරේට එනකොටත් ටේ හොදට පොන් එක බදාගෙන නිදි....

Jin : ටේ...... ටේ බබා

Tae : ම්ම්.... ඉ ඉන්න දෙන්න ප්ලීස්.... ම.... මට කර...දර කරන්න එපා

ටේ එකපාරටම මෙහෙම හැසිරුන එකට ජින් ගොඩක් කලබල උනා...  කවදවත් ටේ මෙහෙම හැසිරිලා නැති නිසා ජින් බයටම නම්ජුන්ට කතා කරා....

Rm: ටේ...... බෙයා මොකද මේ ලමයෝ..... නැගිටින්න...

Tae : අ..... අනේ මං....... මො මොකුත් දන්නේ නෑ...... මට මට අාහ්.........

Rm: කිම් ටේහ්යොං මොකද මේ නැගිටිනවා......!

ටේ එක දිගට අඩ අඩ හීනෙන් දොඩවනවා එ් මදිවට මේ දිහා බලාගෙන හිටපු ජින් ඊට වඩා හයියෙන් ටේව බදාගෙන අඩනවා. මේක බලන් ඉන්න බැරිම තැන නම්ජුන් ටේගේ කනට එකක් ගැහුවා. එ් පාරත් එක්ක හරි සිහියට අාපු ටේ කනත් අල්ලගෙන ජින් දිහා බැලුවා.

Tae : ප..... පපා............ 😭

ටේ ජින්ට තුරුල් වෙලා ඉකි ගගහා අැඩුවා.... ටිකක් කේන්ති ගිහින් හිටිය නම්ජුන්ට ඊට වඩා දුක හිතුනේ එයා ටේට අත උස්සපු නිසා. නම්ජුන් කැමති නෑ ජින්වත් ටේවත් අඩනවට. එයාගේ දුර්වලතාවය තමයි මේ දෙන්නා දුකින් ඉන්න එක. එ්කයි එයා පුලුවන් තරම් මහන්සි වෙලා එයාගේ පව්ල සතුටින් තියන්න හදන්නේ. දොරටත් පයින් එකක් ගහගෙන නම්ජුන් යනකොට ටේ එ් සද්දෙට ගැස්සුනා....

Jin : හරි දැන් අැඩුවා අැති නේද මගේ මැනික ම්ම්...... පපාට කියන්න මොකද උනේ අායෙමත් අර කලින් හීනෙමද.....

Tae : පපා ක.... කවුද කට්ටියක් මාව අදුරු කාමරේකට දාලා ලොක් කරා.... ප.... පපා දන්නවනේ මං කලුවරට ග...ගොඩක් බයයි කියලා....

Jin : හරි හරි මගේ පැටියා දැන් නිදා ගන්න හොදද... ඔයාට මොකුත් වෙන්නේ නෑ. පපා ඔයාගේ ලගින්ම ඉන්නවා. දැන් මගේ බෙයා හොද බබා වගේ ඹ්ක අමතක කරලා නිදාගමු ඹ්කේ......

ජින් ටේව අැදේ හාන්සි කරලා නලලට කිස් එකකුත් දීලා ටේට නින්ද යනකල් ඔලුව අත ගෑවා. ටික වේලාවකින් ටේගේ චූටි ගෙරවිලි වලින් ජින්ට තේරුනා ටේ හොදටම නිදි කියලා. බදාගෙන හිටිය තමන්ගේ අත ටේගේ අත් වලින් පරිස්සමට අරගෙන ඩුවට් එක ටේට පොරවපු ජින් ටේගේ නලලට පුංචි කිස් එකක් දිලා ගියේ නම්ජුන්ව හොයන්න. ජින් යනකොටත් නම්ජුන් අැදට වෙලා බලාගෙන ඉන්නවා

LOVE IS NOT A GAMEWhere stories live. Discover now