අර බෝයි ටේ ලගට අැවිත් ටේ දිහා බලලා සෙල්ලක්කාර හිනාවක් දැම්මා.
" ඔහ් මොකද මේ එ්න්ජල් බය වෙලා ම්ම්.....මන් තාම මොකුත් කරෙත් නෑනේ "
Tae : අනේ ප්... ප්ලිස් අපිට යන්න දෙ....දෙන්න
" එහෙම බෑනේ ඉතින් කෝ බලන්න මට කියන්නකෝ එ්න්ජල් මොකද මේ බිම බලාගෙන ම්ම්.... "
ටේගේ නිකටින් අත තියලා අර බෝයි ටේගේ මූණ එයාගේ පැත්තට හරවගත්තා. බයටම ටේගේ අැස්වල කදුළු පිරිලා. එයා ජිමින්ගේ අත තව ටිකක් තද කරලා අල්ල ගත්තා. ඔන්න ඉතින් දැන්නම් ජිමින්ට යකා අාවේශ වුනා. එයා ටේගෙයි අර බෝයිගෙන් අතරට ගියා.
Jimin : මේ හලෝ තමුසෙට මොනාද වෙලා තියෙන්නේ බලනවා මගේ යාලුවත් හොදටම බය වෙලා. අපිට යන්න දීලා පාඩුවේ වැඩක් කරගන්නවකෝ වදයක් වෙන්න එන්නේ නැතුව මෙතන
" ඔයා හිතනවද මම ඔයාට බයවෙයි කියලා. බටු අැටේ වගේ හිටියට කට නම් තියෙනවා. අනික මට මෙතන කතාව තියෙන්නේ ඔයා එක්ක නෙවෙයි මේ එ්න්ජල් එක්ක ස්වීටි. ඹ්නිනම් අපි පස්සේ වෙලාවක ඔයා ගැන කතා කරමු "
එ් බෝයි එහෙම කියපු විදිහට ජිමින්ගේ කේන්තිය තව ටිකක් වැඩි වුනා. එයා තව දෙකක් කෙලවලා දෙන්න යනකොට ටේ ජිමින්ගේ කනට පහත් වෙලා රහසින් කියපු දේ නිසා ජිමින් කන්ට්රෝල් වුනා.
Tae : එපා ජිමිනා ඔයා රන්ඩු වලට පැටලෙන්න යන්න එපා. ප්ලිස් අපි මෙතනින් යමුකො...
" එ්න්ජල් ඔයා යනවද අපි තාම හරියට කතා කරේවත් නෑ. අනික තව කරන්න ගොඩක් දේවල් ති........."
" අඩෝ උබලා දෙන්නා මෙතනද බන්. මන් මුලු කොලේජ් එකම පීරුවා උබලව හොයන්න. වරෙන් යන්න ලෙක්චර්ස් පටන් ගන්න යන්නේ. ජංකුකා වරෙන් යකෝ පරක්කු වෙනවා."
එකපාරටම කඩා පැන්න කොල්ලෙක් නිසා ජංකුක් කියන්න ගියපු දේ නතර කරලා එයා දිහා බැලුවා. ටේමින් ඩබල මේ අවස්තාව ප්රයෝජනයට අරන් හිමිට මාරු වෙලා ගියා.
Jungkook : මොකක්ද හොබියා උබ එ් කරේ බලහන්කෝ අරුන් දෙන්නා පැන ගත්තා නේ. අඩුම මට එ්න්ජල්ගේ නමවත් හරියට අහගන්න බැරි වුනා.
![](https://img.wattpad.com/cover/334567568-288-k16645.jpg)
YOU ARE READING
LOVE IS NOT A GAME
Fanfiction" අැයි කුකි මං මොනා කරාටද මට මෙහෙම කරන්නේ. මං කොහොමද පිලිගන්නේ එ් අාදරේ රගපෑමක් විතරයි කියලා " " තමුන්ට පිලිගන්න බෑ කියලා මං මොනා කරන්නද අනික කවුද තමුසේ වගේ කෙනෙක්ට අාදරේ කරන්නේ " මට සමාවෙන්න මැනික මේ හැමදේම කරන්නේ ඔයාගේ හොදට පුලුවන් නම් ඔයාගේ කුකි...