මගේ දරුවාම හොදට බලා ගන්න පුතේ
මන් පොරොන්දු වෙනවා අම්මේ
සරූගේ අත මගේ අත උඩින් තියෙන ගමන් සරුගේ අම්මා මට කීවා. මාල 7 දාලා සුදු ඔසරියට මගේ සරූ හරි ලස්සනයි
මගේ සරූ දැන් මගේ නෝනා. මගේ ආදරේ අද මටම ලියලා දුන්නා. අපි බැන්දා. ලොකු වෙඩින් එකක් ගත්තා. අපි දෙන්නාම මධ්‍යම ප්‍රාන්තිකයෝ නිසා අපිට ලොකු අමාරුවක් නෑ. අපි ගමටම කියලා ලස්සන වෙඩින් එකක් ගත්තා.
දවස් 7ක් මගුල් කෑවේ නැති උනාට අපි නුවර හොටෙල් එකේ දවස් 7කට හරි යන්න වෙඩින් එකක් ගත්තා. සරු සතුටින් . එයාගේ හිනාව තරම් මට මොනවද වැදගත් ...
මට දැන් 26ක් මගේ සරූට 23ක් .. මන් වගේම එයත් ජොබ් එකක් කරනවා. අපිට පුළුවන් අපි වෙනුවෙන් හම්බ කරන් ජිවත් වෙන්න. අපි දැන් පරිනතයි.
මන් මගේ සරූගේ අතින් අල්ලන් එලියට ආවා. අපේ හනීමූන් එකට හොටෙල් එකට යන්න. මගේ මැනික අඩනවා. හැම කෙල්ලම වගේ එයා අම්මා බදන් අඩනවා.
අඩන්න එපා මැණිකේ මන් උබව අම්මාගෙන් වෙන් කරන්නේ නෑ.
මට කියන්න ඕනේ උනත් මන් කීවේ නෑ. එයාලාට අඩන්න ඉඩ දුන්නා. කලන්තේ දාන්න ගිය සරුව මන් මට වාරු කරන් අපේ වෙඩින් කාර් එකට නැග්ගා. එයා මට වාරු වෙලා ඉකි ගහනවා.
අපි අද ඉදන් අලුත් ජිවිතයක් පටන් ගන්නවා. මායි මගේ සරුයි ...
______________________________
අදහස් කියන් යන්
Manu 📌️ ( සාපේ )
YOU ARE READING
කොමාව || සිංහල || Competed
Non-Fictionමන් හදිස්සි වෙලා මරද්දි මගේ ගෑනී සර් ඩී එන් පරීක්ෂනේ තිබ්බාලු ඒ ........... Cover by @Armygirl920 #Nonfiction #Sinhala #Love #Kid