සරූ හරි අමුතු වෙලා..
දැන් මාසයක් විතර.. මන් දන්නේ නෑ ඇයි කියන්න
එයාට මාව එපා වෙලාද ?
මට දරුවෙක් දෙන්න බැරි නිසා මාව එපා වෙලාද ..
මන් දන්නේ නෑ.
මගේ ඔලුව පුපුරන්න වගේ..
සරුගේ හදිසි වෙනස්වීම මාව පිස්සෙක් නොකර පිස්සෙක් කරනවා..
මන් කවදාවත් බීපු මිනිහෙක් නෙමේ..
මන් දැන් බොනවා... මාසෙක ඉදලා මන් බොනවා.. වේදනාවට මන් බොනවා..
උදේට ඔෆිස් ගිහින් හවස ගෙදර ආවාම සරූගෙන් බැනුම් අහද්දි මට මාවම පාලනේ නෑ. කවදාවත් බීලා ගෙදර ආපු නැති මන් දැන් බීලා ගෙදර එනවා.. සරූට කෑ ගහනවා ..
සරූ දැන් ගෙදර උයන්නේ නෑ.. එක්කෝ උයන ඒවා වෙනදා වගේ රහක් නෑ.. මන් කැමති නෑ මගේ මැනිකට ගහන්න බනින්න..
ඒත් බීපු මම යකෙක් ... බල්ලෙක් ...
කෝ ගැනීයේ මේවාට ලුනු. මෙලො රහක් නෑ තූ
දැන් නේද මගේ කෑමත් රහ නැත්තේ තමුසෙට. ඔව් ඔව් මටත් දැන් පේනවා තමුසේ ගෙදර එනවාට වඩා වෙන තැන් වලට යනවා කියලා . මහ රෑ ගෙදර එන්නේ කොහේ අහු මුලු වල රිංගලා මොකී එක්ක ඉදලා එනවාද දන්නේ නෑ . තමුසෙට වටේම ගෑනු කන්න දෙනවා ඇතිනේ . උන්ගෙන්ම ගිහින් කාපන් ඉතින්. මාත් වටේ ගියා නම් හරි
තෝ මොනවාද බැල්ලියේ කියවන්නේ
චටාස්
අහ්හ්.. තෝ මැරිය බල්ලා ..
සරූ කෑ ගහලා මට මැරියන් කීවා. එයා අඩ අඩම කාමරෙට ගිහින් දොර වහන් ලොක් කර ගත්තා. මන් දන්නේ නෑ සරූ ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා . හැබැයි මට කේන්තියි.
මන් බල්ලෙක් තමා ඔව්. හැබැයි මේ බල්ලා මගේ මැනිකට පන වගේ ආදරෙයි . උබ වටේ යනවා කියද්දි කොහොමද මැණිකේ මන් ඉවසන්නේ ?
මන් එයාට ආයෙත් ගැහුවාද
__________________________
වේදනාවට බොනවා මන් මේ වෙනකොට ගෑනු තමා ලොකුම බේබද්දියෝ
Manu 📌️ ( සාපේ )
YOU ARE READING
කොමාව || සිංහල || Competed
Non-Fictionමන් හදිස්සි වෙලා මරද්දි මගේ ගෑනී සර් ඩී එන් පරීක්ෂනේ තිබ්බාලු ඒ ........... Cover by @Armygirl920 #Nonfiction #Sinhala #Love #Kid