අනේ දළදා හාමුදුරුවනේ මගේ ප්‍රාර්ථනාව ඉශ්ඨ කරලා දෙන්න. මගේ සරූට ආයේ හිනා වෙන්න මතක් කරන්න
දළදා හාමුදුරුවනේ ඉස්සර දොහොත් මුදින් දීලා හිතෙන් මන් ප්‍රාර්ථනා කරා. මගේ සරූගේ එක හිනාවක් වෙනුවෙන් මන් ප්‍රාර්ථනා කරා.
අවුරුදු 5ක් ... අපිටත් නොදැනීම අවුරුදු 5ක් ගෙවිලා ගිහිල්ලා..
තේරෙන කාලේ ඉදන්ම මගේ සරු එක්ක පොඩි එකෙක් හදන් සතුටින් ජිවත් වෙන්න හිතපු මගේ හීනේ හීනයක් විතරක් වෙලා ගිහින් ..
දන්න නොදන්න තැන් වලට ගියා. වදින්න තියෙන හැම දේවාලෙම වැන්දා.. සල්ලි නැති උනත් කරන්න දෙයක් නැති කමට ණය වෙලා දොස්තරවරු වැන්දා.. හැම දොස්තර ගාවම කිසිම ප්‍රශ්නයක් නෑ කියද්දි මායි මගේ සරූයි අන්ධ විශ්වාස පස්සෙත් ගියා. අවුරුදු 5ක් තිස්සේ කරන්න පුළුවන් හැමදේම කරා..
අපේ ලේ කැටියක් වෙනුවෙන් .. අවුරුදු 5ක් බලන් උන්නා මගේම ලේ කැටියක් වෙනුවෙන් ... දෙවියොත් අපි දිහා බලන්න බැරුවද කොහෙද අහල බලලා. මගෙ සරු අවුරුදු 5ක් තිස්සේ කදුලු බොනවා. ගමේ ගෑනුන්ගෙන් වෙට්ට පද අහ අහ අවාසනාවන්ත ගෑනි කියලා අහ ගන්නවා.. මගේ සරූගේ කදුලු බොන ඇස් මතක් වෙන ගානේ මගේ ඇස් මට අකීකරු වෙනවා..
මැනික අපි යන්ද?
මන් තව ටිකක් ඉන්නද ?
හ්ම් . මන් පහන් මලුවට වෙලා ඉන්නම්.
හ්ම්
මගේ සරූ තව පැය ගානක් බුදුන්ගෙන් ඇස් වලට නිවනක් ඉල්ලායි. මට බෑ .. ඒ දිහා බලන් ඉන්න මට බෑ...
මන් නැගිටලා පහන් මලුවට ආවා. පහන් මළුවේ බැම්ම උඩින් වාඩි වෙලා ඈත පේන පොලිස් චෙක් පොයින්ට් එක දිහා මන් බලන් හිටියා ..
පොඩි පැටව් අම්මලා තාත්තලාගේ අතින් අල්ලන් හරි හරියට දළදාව වදින්න එනවා. බලන්න ආසාවේ බෑ. අනේ මටත් ඒ තාත්තලා ගොඩේ ඉන්න පුළුවන් වෙයිද ?
________________________________
තව ටිකයි .
Manu 📌️( සාපේ )
YOU ARE READING
කොමාව || සිංහල || Competed
Non-Fictionමන් හදිස්සි වෙලා මරද්දි මගේ ගෑනී සර් ඩී එන් පරීක්ෂනේ තිබ්බාලු ඒ ........... Cover by @Armygirl920 #Nonfiction #Sinhala #Love #Kid