161

5.1K 288 44
                                    

#දුඹුරු_සඳ_161

ඉදින් ඇයට දැනුනේම එක් මොහොතකට ලෝකෙම නතර වන වගක් . විවාහයක් ? ඉදින් එතරම් බරපතළ බැඳීමක් තමාගේ මතකයෙන් ගිලිහී ගොස්ද?

'විණාරා ප්ලීස්.. ටේක් ඉට් ඊසි..'

ඉඳින් ආග්න සිතින් යදින්නට වුයේ එක් ඇහිපිල්ලමක් හෝ නොගසා හුන් ඉරියව්වෙන්ම ගල් ගැසීගෙන හිඳිනා ඇය උවන මතම ඔහු නෙතු නැවතීගෙන තියෙද්දී. ඔහු දෙනෙත් තුළ වූයේ අවිනිශ්චිත හැඟීමක්. 

'මම හැමතිස්සෙම බයෙන් හිටපු දේ ඔයා මේකට කොහොම රියැක්ට් කරයිද කියලා!'

ඔහු සිතන්නට වූයේ එතරම් කාලයක් ඔහු ළය කොණක සිරව තිබූ බිය මුසු හැඟීම එන්න එන්නම ප්‍රබල වන වගක් දැනෙද්දී.

'හහ්...ඩෝන්ට් මේක් දිස් හාඩ් ෆෝ මී විණාරා.. ඔයා කලබල වුනොත් ඔයාව handle කරන්න ඕනෙ කොහොමද කියන එක ගැන පොඩිම අයිඩියා එකක්වත් මගෙ ළඟ නෑ... 

So please !'

මුවින් නොදොඩාම හැඟුම් දහසක් කැටිවුණ කලබල නෙතු වලට ඇය උවන මතම නවාතැන් ගන්නට ඉඩදීගෙන ආග්න ඇයට පවසන්නට වූයේ සිතින්. 

ඉඳින් මෙයට වඩා අසීරු බොහෝ අවස්ථාවන්ට ඔහු මුහුණ දී තිබුණද මේ මොහොතෙහි ඔහුට තිබුණේ මුළුමනින්ම හිතෙහි වූ සාමය අතු ගා දමනා සංකීර්ණ වූත්, සිතට වද දෙන්නා වූත් බරැති හැඟුමක්. 

'හස්බන්ඩ් වයිෆ්? ඒ කියන්නේ... අපි දෙන්නා අතර මීටත් වඩා ළඟ බැඳීමක් තිබිල කියන එකද? දෙයියනේ!'

 මොහොතකට පෙර තම සවණත වැකුණු කම්පනයක් ගෙන දෙන වදන් පෙළ තිබුණේම ඇයගේ සිත අභ්‍යන්තරය දරුණුවටම අවුල් කර දමා. එකින් එක පියවර තබා දුරකටම දිවෙන නානාප්‍රකාර සිතිවිලි කලේම ඇයගේ සිත කොහේදෝ දුරකට ගෙන ගොස් අතරමං කර දැමීම.

“විණාරා…”

ඇහිපිල්ලමක් හෝ නොගසා හිටිවනම නොසෙල්වී හිඳිනා ඇය දෙස මිනිත්තු ගණනාවක් යන තුරුම ඔහු බලන් උන්නේ ඈ සිතිවිලි වලට වදනකින් හෝ බාධා කරන්නට උත්සුක නොවී. නමුදු බිඳකදු හෝ චලනයක් ඈ කෙරෙන් දිස් නොවද්දී නොවෙද්දී දැනුනු බිය හමුවේ ආග්න ඇයව අමතන්නට වූයේ මෘදු, පහත් ස්වරයකින්.

දුඹුරු සඳ | On hold (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Where stories live. Discover now