chapter 1

406 21 0
                                    

යා......කිම් ටේහ්යුන් ....... මාව අතාරිනවා......😑අයියො කව්රුහරි දැක්කොත් ඉවරයි නේ.....

තව ටිකක් මෙහෙම ඉන්න දෙන්නකො....ලිලී...චේබාල්.....

පිස්සුද ටේ....බලන්න ඔෆිස් එකේ කව්රුහරි දැක්කොත් එහෙම....

ඉතිං මොකද වෙන්නෙ....😏 හරියටම තව මාසෙකින් ඔයා මගේ වයිෆ් නේ....😌ඔෆිස් එකේ අයට තව මොනව හන්ගන්නද ඉතිම්....

ආයිශ්....ටේ...එහෙමයි කියල ඔෆිස් එක ඇතුලේ මෙහෙම හුරතල් වෙන්න බෑනේ....ලැජ්ජ නැද්ද ටේ....අයියෝ මෝඩ කොටි පැටියා .....යන්නකො එහාට....

අනෙ ලිලී තව චුට්ටක් මෙහෙම ඉන්න දෙන්නකො....අනේ ....අනේ.....☹️

අයියෝ...ටේ....කෝ...හොඳ කොල්ල වගෙ එහාට වෙන්න.... මට වැඩ තියනවා....😒

එහෙම කියපු ලිලී , ටේ වත් තල්ලු කරගෙනම ටේ ගේ කැබින් එකෙන් එලියට ගියා....කොල්ලට නම් හිනා....

ලිලී,
ලිලී කියන්නෙ අවුරුදු 22 ක යුනි ස්ටුඩන්ට් කෙනෙක්....ඔම්මයි අප්පයි නැතුව පොඩි කාලේ ඉදන් බුසාන් වල තිබුණ අනාථ නිවාසෙක හැදුන වැඩුන ලිලීට තිබ්බ එකම හීනෙ තමයි සෝල් යුනිවසිටි එකට එන එක....ඒ වගෙම කෙල්ලට ඕනෙ උනා fashion designer කෙනෙක් වෙන්නත්....කෙල්ල ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි උනා.... ඒ මහන්සියෙ ප්‍රතිඵලයක් විදියට තමයි ලිලී සෝල් ආවෙ....එයා සිලෙක්ට් උනෙත් සෝල් යුනිවසිටි එකට....පොඩි එපාට්මන්ට් එකක් අරං ජීවත් උන ලිලීට තමන්ගෙ වියදමට ජොබ් එකක් කරන්න උනා.... ඒක නිසාම KIM කම්පැනි එකේ සේවයට ගියපු ලිලීට එතනදී තමන්ගෙ පළවෙනි ආදරේ මුනගැහුනා....ඒ තමයි kim taehyun....KIM කම්පැනි එකේ ceo.... යුනි එකේ වැඩත් එක්ක ජොබ් එකේ වැඩත් කරගෙන තමන්ගෙ ආදරේ එක්ක කෙල්ල මේ අවුරුදු දෙකම ගෙව්වෙ කියාගන්න බැරි තරම් සතුටකින්.....

Kim taehyun

KIM කම්පැනි එකේ ceo උන taehyun කියන්නෙ ගොඩක් තද ගති පැවතුම් තියන නපුරු කොල්ලෙක්.....අවුරුදු 27 ක් උන ටේ පොඩි කාලේ ඉදන්ම ඔම්මගෙයි අප්පගෙයි ආදරය මැද්දේ හැදුනා වැඩුනා....තමන්ගෙ පළවෙනි ආදරේ නිසා අවුරුද්දක්ම දුක් විදපු කොල්ල ආයෙමත් ලිලී එක්ක ආදරයෙන් බැදෙනවා....ලිලී , ටේ ට වඩා අවුරුදු පහක්ම බාල උනත් දෙන්න ගොඩක් ආදරයෙන් හිටිය....ඒ ආදරේ ට අවුරුදු දෙකක් උනත් කවදාවත් එක අංශු මාත්‍රයකින්වත් ඒ ආදරේ අඩු උනේ නෑ..... ටේහ්යුන් කොච්චර නපුරු ගති තියන දරදඬු කොල්ලෙක් උනත් තමන්ගෙ ආදරේ ඉස්සරහ අහිංසක හුරතල් කොල්ලෙක් විතරයි...ඔව් , ටේගේ නපුරු හිත ඇතුලේ හිරවෙලා හිටපු අහිංසකයා එලියට එන්නෙ ලිලී ලඟ ඉන්නකොට විතරයි.....ටේ කිසිම දවසක ලිලී ඉස්සරහ නපුරු වෙලා නෑ... ලිලී කියන හැමදේම ටේ ඇහුවා....එයා කීකරු උනේ ලිලීට විතරයි....ලිලීව මලක් වගෙ හරි පරිස්සමට එයා බලාගත්ත...තමන්ගෙ ආදරේ අඩුවක් නැතුව ලිලීට දුන්න...

love triangle 🥀💔 KTH short FF ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙) Where stories live. Discover now