chapter 3

119 13 0
                                    

next day

ලිලී වගේම ටේ ත් ලෑස්ති උනේ දේගු වල ටිකක් ඇවිදින්න යන්න......දෙන්නම කාර් එකේම ගියේ shopping hall එකට......පැය ගාණක් ඇති තරම් දෙන්න shopping කරල ගියේ පාක් එකට......පාක් එකේ බෙන්ච් එකක් උඩ වාඩි වෙලා හිටපු ලිලීගෙ උකුලට ඔලුව තියාගෙන ටේ ත් බෙන්ච් එකේම හාන්සි වෙලා හිටිය.........ලිලී ටේ ගේ ඔලුව අතගාන ගමන් බලාගෙන හිටියෙ අත් අල්ලන් යන ලස්සන කපල්ස් දිහා......එයාලත් එක්ක ගියපු චූටි බබාලා දිහා.....ඒ බබාලගෙ කෝලම් දිහා......ඒ කෝලම් බල බල හිනාවෙවී සැරින් සැරේට වෙනස් වෙන ලිලීගෙ මූණ දිහා බලාගෙන ටේ ත් තව තවත් ලිලීගෙ ලඟට ලං වෙලා කෙල්ලගේ එක අතකුත් තමන්ගෙ අත් දෙකෙන්ම බදාගත්ත.......

හරි ලස්සනයි......

ලිලීගෙ කටින් ඉබේම පිටවුනේ ඒ ලස්සන පවුල් වල තිබ්බ සතුට දැකල....

අපිත් ලස්සන බෝල බබෙක් හදමුද.....

ටේ අහනකොට ලිලී වචනයක් වත් නොකියා ලස්සනට හිනාවුනා.....ඒ වගේම කෙල්ල චුට්ටක් රතු ත් උනා.....

කුමාවෝ ටේ.....මට ආදරේ කරාට....ආදරේ ගැන සතුට ගැන කියල දුන්නට......අපායක් වෙලා තිබ්බ මගේ ජීවිතේ දිව්‍යලෝකයක් කරාට.....

ලිලී හිනාවෙවීම එහෙම කිව්වෙ අහස දිහා බලාගෙන.....ටේ කෙල්ලගෙ බෙල්ල වටේ තමන්ගෙ එක අතක් දාලා ලිලීව ටිකක් පහත් කරලා එයාගෙ තොල් වලට සොෆ්ට් කිස් එකක් දුන්න.....ලිලීත් ඒකට රියැක්ට් කරේ ආසාවෙන්.....ටික වෙලාවකට පස්සෙ ලිලීගෙන් ඈත් උන ටේ ආයෙමත් ලිලීගෙ උකුල උඩින් ඔලුව තියාගෙන කෙල්ලව බදාගෙනම නිදාගත්ත......

පැයක් දෙකක් විතර බෙන්ච් එක උඩ ලිලීගෙ උකුලට ඔලුව තියාගෙන නිදාගෙන හිටපු ටේ ඇහැරුනෙ එතනට සෙල්ලම් කරන්න ආපු ළමයින්ගෙ කෑගැහිල්ලට......ඒ වෙනකම්ම ටේ ගේ ඔලුව අතගගා විනාඩියෙන් විනාඩියට චූටි චූටි හාදු වලින් කොල්ලගෙ මූණ තෙත් කරමින් හිටපු ලිලී ටේ ඇහැරුන ගමන් කොල්ලට ලස්සන හිනාවකින් සංග්‍රහ කරා......

after one week

මේ විදියට සතියක් විතර දේගු වල ඉදන් සෝල් ආපු ටේ , ලිලී දෙන්න ලේස්ති උනේ තව සති තුනකින් තියන එයාලගේ විවාහෙට......

love triangle 🥀💔 KTH short FF ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙) Where stories live. Discover now