chapter 5

131 13 0
                                    

After 6 years

අදට ලිලී එයාලව දාල ගිහිල්ල අවුරුදු හයක්.....මේ අවුරුදු හයට ගොඩක් දේවල් වෙනස් උනා...... කුකී වගේම අනිත් පස් දෙනත් මැරි කරල තමන්ගේම කියල ලස්සන ජීවිතයක් ගෙවන්න පටන් ගත්තත් ටේ වගේම ජූහි ගෙව්වෙ වේදනාකාරී ජීවිතයක්.....අවුරුදු හයක් ගියත් ඒ දෙන්නට බැරි උනා තමන්ගෙ හිතේ තිබ්බ පසුතැවීම දශමෙකින්වත් අඩු කරන්න.....පුංචි ටේමින් ට දැන් අවුරුදු නවයක් වෙනවා.....මේ අවුරුදු හයටම කොල්ලට ඔම්මගෙ වගේම අප්පගෙ ආදරෙත් අඩුවක් නැතුව ලැබුණ.....ඒත් ජූහි ට කවදාවත් හස්බන්ඩ් කෙනෙක්ගෙන් ලැබෙන්න ඕනෙ ආදරේ ලැබුණේ නෑ..... හැබැයි ඒ ගෞරවය ඒ විදියටම අඩුවක් නැතුව ලැබුණා.....ඔව් ටේහ්යුන් ට බැරි උනා ජූහි ට ආදරේ කරන්න....ටේ ගේ හිතේ තව දුරටත් ජූහි ගැන ආදරයක් තිබුණෙ නෑ....වෛරයක් තිබුනෙත් නෑ..... ඒක නිකන්ම නිකන් හිස් හැගීමක් විතරයි.....මේ තරම් කාලයක් ගෙවිල ගියත් පිරිමියෙක් උනත් ටේහ්යුන් කිසිම දවසක ජූහිගෙ ඇගට අතක් වත් තිබ්බෙ නෑ.... ජූහි ටේහ්යුන් ට ආදරේ කරත් කෙල්ල දැනගෙන හිටිය තව දුරටත් ටේහ්යුන් ගේ හිතේ එයාට තැනක් නෑ කියන එක......මොකද ලිලී යන්න ගියේ ටේහ්යුන් ගේ මුලු හිතම හොරකම් කරගෙන.... කොල්ලගෙ හදවතේ , මනසේ දිව්වේ එකම නමයි....ඒ ලිලී කියන එක විතරයි....එයා ඒ පුංචි ලිලීට සීමාවක් නැතුව ආදරේ කරා.....දෙන්න ගෙවපු ඒ අවුරුදු දෙක මතක් කර කර කොල්ල ජීවත් උනා.... ටේහ්යුන් අදටත් ජීවත් වෙන්නෙ ඒ මතකයන් වල උදව්වෙන්.....

ටේහ්යුන් ලිලීව හෙව්වේ නැති තැනක් නෑ..... කොල්ලට හොයන්න පුලුවන් හැම තැනකම ලිලීව හෙව්ව.....ටේ විතරක් නෙවෙයි ජූහි වගේම අනිත් හය දෙනත් පිස්සුවෙන් වගෙ ලිලීව හෙව්ව.....ජූහි ට ඕනෙ උනා ලිලීගෙන් සමාවගන්න.....මොකද කෙල්ල මේ අවුරුදු හයම ගෙව්වෙ  වරදකාරී හැගීමකින් වගේම ලොකු පසුතැවීමකින්..... අනිත් හය දෙනත් ඒ වගේම පසුතැවීමකින් ජීවත් උනේ.....එයාලට හිතුන තමන්ගෙ නංගි වගෙ හිටපු ලිලීට එදා එහෙම යන්න නොදුන්න නම් අද කෙල්ල එයාලත් එක්ක ඉන්නව නේද කියල......

ඒත් මේකට තමයි දෛවය කියන්නෙ..... ලිලී ට එයාගෙ ආදරේ මුනගැහෙන්න තරම් වාසනාවන්ත උනත් ඒක ලබාගන්න වාසනාවක් නැති උනා..... ඒ වගේම ටේහ්යුන් ටත් එයාගෙ ඇත්තම ආදරේ මුනගැහෙන්න වාසනාව තිබ්බත් ඒක ලබාගන්න වාසනාව නැති උනා.... අඩුම තරමේ ඒ ආදරේ හරියටම අදුරගන්නවත් ඒක තේරුම් ගන්නවත් කොල්ලට වාසනාවක් නැති උනා......

love triangle 🥀💔 KTH short FF ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙) Where stories live. Discover now