chapter 7

235 17 1
                                    

අදත් වෙනදා වගේම සාමාන්‍ය දවසක් වුනා...... ඒත් ලිලීට විතරක් ඒක අසාමාන්‍ය දවසක්.....කෙල්ලගේ ඇගට ලොකු තෙහෙට්ටුවක් දැනුණා....කන්න බොන්නවත් හරියට බෑ.... කෙල්ලගේ මුලු ඇඟම අමුතු වේදනාවකින් පිරිල යද්දි ලිලී හිටියෙ සිහින් හිනාවක් මූනෙ රදවගෙන....සමහරක්විට ඒ හිනාව ඇතුලේ ලිලී විතරක්ම දන්න ලිලීට විතරක්ම දැනෙන තවත් මොකක්ම හරි දෙයක් හැන්ගිලා ඇති..... හැබැයි ලිලීට අමතක වුනා එයාගෙ ව්‍යාජ හිනාවෙයි අව්‍යාජ හිනාවෙයි වෙනස අදුරගන්න පුලුවන් කෙනෙක් එයා ලගින්ම ඉන්නව කියල.....

ටේහ්යුන්....
ටේහ්යුන් ලිලී එක්ක ගෙව්වෙ පොඩි කාලයක් වෙන්න ඇති.... ඒත් ඒ පොඩි කාලෙදි එයා ලිලීට අනිත් කාටත් වඩා ලං වුනා...... ඒක නිසාම කොල්ලට ලිලීගෙ පොඩි වෙනසක් වුනත් හරි ඉක්මණට තේරුම් ගන්නත් පුලුවන් වුනා..... ඉතිං, ලිලී ඉන්නෙ අමාරුවෙන් කියන එක ටේට තේරුම් ගන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ......

ලිලී.....ඔයාට අමාරුයිද මැණික....

අනී ටේ.....පොඩි මහන්සි ගතියක් දැනෙනවා....ටිකකින් ඒක හරියයි......

ඉන්න මං doctor ට කතා කරන්නම්....

එපා එපා ටේ.....අයියෝ මේක පොඩි දෙයක් නේ..... doctor ට කතා කරන්න ඕනෙ නෑ..... පුලුවන් නම් අද රෑ මාත් එක්ක ඉන්නකො....ඒ ඇති.....

හ්ම්ම්.....ලිලී.....

ඔව්....කියන්න ටේ....

ඔයා මගෙන් මොනව හරි හන්ගනවද......

පි...පිස්සු...ද  ටේ....ම..න් මොනව..හන්ගන්නද...ඔ..ඔයාගෙන්.....

හ්ම්.....

කොල්ල ලිලීවත් තුරුල් කරගෙනම ඇදේ හෙඩ්බෝඩ් එකට හේත්තු වුනා..... ලිලීත් ටේහ්යුන් ට තව තවත් තුරුල් උනේ ඇස් වලින් ආපු කඳුලු හන්ගගන්න ලොකු වෑයමක් දරන ගමන්.....ලිලීට අඬන්න ඕනෙ උනත් අඬන්න බැහැ..... ඒක නිසාම කෙල්ල වේගෙන් ඇහිපිය ගහන ගමන් අනවසරයෙන් සීමා මායිම් නැතිව ඇස් වල පිරෙන කඳුලු පාලනය කරගත්තෙ ටේහ්යුන්ගෙන් ඒ කඳුලු හංගන්න ඕනෙ නිසාමයි...... හේතුවක් නොදැන වුණත් ටේ ගේ හිතත් අමුතු දුකකින් වගේම බයකින් පිරිල යද්දි ලිලීව තව තවත් තමන්ගෙ තුරුලට අරගෙන කෙල්ලගේ නලල උණුසුම් හාදුවකින් තෙත් කරේ දුක , බය වගෙ අනිත් හැම හැගීමක්ම මොහොතකට අමතක කරල මුලු හිතම ආදරයෙන් උතුරලා යද්දි......

love triangle 🥀💔 KTH short FF ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙) Where stories live. Discover now