එදින උදෑසන මා පිබිදුනේ පැටලුම් සහගත සිතුවිලි ද සමඟිනි.
පෙර දිනයේ අනූප් පැවසුවේ අවුරුද්දට මාගේ මව සහ නැගණිය මෙහි කැඳවාගෙන එන බවයි. නමුත් ඔහුගෙන් ඒ සඳහා ඒ තරම් වුවමනාවක් ද නොවීය.
"අනූප්..,"
මම මාගේ කුටියෙන් පිටතට පැමිණෙන මොහොතේම ඔහු ඔහුගේ කුටියෙන් පිටතට පැමිණියෙන් මම ඔහු ඇමතුවෙමි.
දවස් ගණනාවකට පසු ඔහු මා සමඟ සිනාසුණේ එදිනයි.
"අනූප්..., අම්මාව එක්කන් එන්න..."
මම යමක් විමසීමට සැරසුනෙමි.
"අද දවස මොකක්ද?"
එක්වරම අනූප් එලෙස විමසුවෙන් මම තිගැස්සුනෙමි.
මාගේ දෙනෙත් ඔහුගේ දෙනෙත් හා බැඳුනේ ඒ මොහොතේයි.
මෙතරම් දවස් ඒ මරකත ලෝචනයන්හි අයිතිකාර ජීවියා මාගෙන් විමසූ පැනයම අනූප් මාගෙන් විමසද්දී, ගතට දැනුනේ මළානික ගතියකි.
ඔහුගේ ඝන අඳුරු ලෝචන මරකත පැහැයෙන් දිදුලන්නට වූයේ ද මා හට පොකුණේ ජීවියා සිහිපත් කරමිනි.
දෙවියනි..... අනූප්ගේ දෑස් යුග්මයන් හා ඒ මරකත ලෝචනයන්...
ඒවා....
අනූප්ගේ දෙනෙත් ද පොකුණෙහි ජීවියාගේ දෙනෙත්ද එක සමානව මරකත පැහැයෙන් දිස්නේ දෙද්දී මා හිස බමන්නට ගත්තේ ඒ දෙනෙත් දෙස බලා සිටිද්දීමයි.
මාගේ මුළු ලොවම අඳුරු වී ගියේ ඒ මොහොතෙයි.
.
.
.බර ඇසිපිය තටු මම සෙමින් විවර කළෙමි.
සිරුරම ගල් වී ඇතිවාක් මෙන් දැනුනේ මා අත පය සොලවන්නට නොහැකි වද්දීයි.
මාගේ දෙනෙත්වලට හසුවූයේ අනූප් ය.
පෙරදිනක මතකයන් මා හට සිහිවූයේ ඒ සමඟමයි.
"අනූ..ප්.. අනේ..."
මා සිහින් හඩින් මිමිණීමට උත්සාහ කළත්, අනූප්ගේ අතැඟිලි මා අදර යුගලන් මත තද වූයේ මාගේ දෙතොල් සෙලවීම නවතමිනි.
"අද දවස මොකක්ද?"
ඔහු නැවත වතාවක් එලෙස විමසුවෙන්, මම තියුණු බැල්මක් ඔහු වෙත හෙළූවෙමි.
YOU ARE READING
Marakatha Lochana | මරකත ලෝචන ✓
Horrorනිවාස සහ ඉඩම් ව්යාපාරිකාවක් වන දිනාදි චන්දූපා දිසානායක, තම පැරණි පාසල් මිතුරෙකුගේ ඉල්ලීමක් පරිදි ඔහුගේ වලව් පන්නයේ පැරණි නිවසක් විකුණා දීමට ඉදිරිපත්වනවා. ඒ සඳහා මනා ගනුදෙනුකරුවෙකු ද ඇය විසින් සොයා ගනු ලැබූ අතර, ඇයට වඩා දෙවසරකින්ම ලාබාල ඔහු වෛද්ය අ...