"දිනූට මං රහසක් කියන්නද?"
අනූප්ගේ හඩෙහි වූයේ අතිශයින්ම උද්යෝගිමත් බවකි. අද අප්‍රේල් හත්වැනිදා විය. අනූප්ට අද දින නිවස පිරීක්සීම අතැර වටපිටේ ඇවිදීමට ආශාවක් ඇති වූ නිසා, මම ද ඔහුගේ ආශාවට ඉඩ හලෙමි.
ඔහු සමඟ මා ද වටපිට විපරම් කිරීමේ ගමනට එකතුවූවෙමි.
මුලින් මුලින් වටපිට ගැන මාගේ පැහැදිලි කීරීම් ඔහුට අවැසි වුවත්, පසුව ඔහුගේ පැහැදිලී කිරීම් මා හට අවැසි විය.
කෙසේ නමුදු අප දෙදෙනා නැවත වරක් නිවසට පැමිණෙන ගමනේ දී යි අනූප් මාගෙන් මෙසේ විමසුවේ.
"රහසක්? මට?"
මම විමසුවෙමි.
"ඔව්, ඔයාටම තමයි.."
අනූප් දෙනෙත් කුඩා වන තරමට සිනාසුනෙන් ඒ රහස ඇසීමට මා සිතට ද ආවේ මහා නොඉවසිල්ලකි.
"ඒ මොකක්ද ඒ?"
මා විමසුවේ තරමක් සැකයෙනි. කවුද දන්නේ කොයි මොහොතේ අනූප් නිවස ගන්න අදහස අත්හරීදැයි කියා?
අනූප් බර හුස්මකින් ළය පුරවා සැහැල්ලු කරගත්තේය.
"මේකයි දිනූ.. මේක අහලා ඔයා කලබල වෙන්න එපා.. ඒත්.. මේක තමයි මගේ ගම. මම පොඩි කාලේ ඉදන් හැදුනේ මෙහෙ.."
අනූප්ගේ ඒ වදන් සමඟම ගමනත් නවතා ඔහු දෙස බැලුවේ විසල් කරගත් දෙනෙතිනි.
"මො.. මොකක්?"
මාගේ මුවින් එලෙස පිටවීමට ඒ තරම් වේලාවක් ගතවූයේ නැත. දෙතොල් සෙලවීම පවා අපහසුය. කෙලෙස විශ්වාස කරන්නද මා කොළඹ පොෂ් පොරක් සේ සිතු මිනිසා ගමේ කොල්ලෙක් කියා?
අනූප් මා සමඟ සිනාසුනේය.
ඔහුගේ සිනාවේ පවා තිබුණේ නිවීමකි.
"ඒ නිසා මේ ගෙදර ගැන වගේම.., මෙහෙ තියෙන කැටයම් ගැන පවා මම හොඳට දන්නවා හරිද? මේවා ඔය කියන තරම් වටින්නෑ කියලා මම දන්නවා ඉතිං බොරුකාරියක්ට අහුවුණාට..."
අනූප් අවසන් වැකිය සමඟින්ම මාගේ කොන්ඩ කැරැල්ලකින් ද ඇද්දේ මා ඔහු දෙස තවමත් පුදුමයෙන් මෙන් බලාසිටිද්දීයි.
YOU ARE READING
Marakatha Lochana | මරකත ලෝචන ✓
Terrorනිවාස සහ ඉඩම් ව්යාපාරිකාවක් වන දිනාදි චන්දූපා දිසානායක, තම පැරණි පාසල් මිතුරෙකුගේ ඉල්ලීමක් පරිදි ඔහුගේ වලව් පන්නයේ පැරණි නිවසක් විකුණා දීමට ඉදිරිපත්වනවා. ඒ සඳහා මනා ගනුදෙනුකරුවෙකු ද ඇය විසින් සොයා ගනු ලැබූ අතර, ඇයට වඩා දෙවසරකින්ම ලාබාල ඔහු වෛද්ය අ...