පෙරවදනක් තිබුණේ නැති කතාවකට පසුවදනක් ලියන්න වෙලා.
ඇත්තටම මේ කතාව හරිම අහම්බයෙන් ලියවුණේ.
ඔයාලා හිතනවා ඇති මම කලින් Plan කලා ඇති කියලා.
ඒත් එහෙම නෙවෙයි.
මම මුල ඉදන්ම කියන්නම්.
2023 අප්‍රේල් 01 වෙනිදා කියන්නේ මට වැඩ ගොඩාරියක් තිබ්බ දවසක් අනික් දවස්වලට සාපේක්ෂව. මුළු දවසම හිටියේ එලියේ... ගොඩක් පයින් ඇවිද්දා.. අව්වේම පිච්චි පිච්චි. ඉතිං ඇත්තටම මට එදා අප්‍රේල් 1st කියන අපේ සුවිශේෂි දවස කියන එක අමතකවෙලායි තිබුණේ.
රෑ phone එක අතට ගත්තාමයි මතක්වුණේ මම වැදගත්ම දවසක් අමතක කරලා කියලා. ඒත් ඒක එහෙම වෙන්න දෙන්න බෑනේ ලමයි.
ඒ නිසයි මරකත ලෝචන වල ඔයාලා පලවෙනි කොටස කියලා කියවපු කොටස නිකං type කළේ. මට ඇත්තටම එහෙම අදහසක් තිබුණේ නැහැ කතාවක් ලියන්න කියලා. ඔයාලාට අප්‍රේල් 1st කියවන්න දෙයක් දෙන්නයි මට ඕනේ කළේ දවස මතක් කරලා.
ඒත් අන්තිමේ දී මරකත ලෝචන කියලා කතාවක් ලියවිලා තමයි නතරවුණේ.
ගොඩක් ස්තුතියි කතාව කියවපු හැමෝටම.
කතාවේ අවුල් අඩුපාඩු තැන් ඇති සමහරවිට. මේ කතාව මම ලිව්වේ මේ දවස්වල තියෙන stress එක නැති කරගන්න කියලා මම ඔයාලට කිව්වා. ඒ නිසා වැරදි තියෙන්න පුළුවනි ඉතිං.
කොහොමවුණත්,
මාත් එක්ක,
දිනාදි එක්ක,
අනූප් එක්ක,
ඇරාෆාවරු එක්ක,අමුතුම ලෝකයක මේ කොටස් පහලොව ඇතුළත ඔයාලා ජීවත්වුණා කියලා මම හිතනවා.
චරිත ගැන විස්තර කරන්න ඕනේ ද?
හ්ම්ම්.. මම ගොඩක් කතා කළානේ. ඔයාලා කියන්න චරිත ගැන දැනුන දේවල් මට 🤗💚 ඇත්තටම චරිත ගැන කියන්න ගොඩක් දේවල් නැහැ මට. මොකද හැමදේම වගේ කතාවේ ලියවුණා කියලා හිතනවා.
ඉතිං ලමයි..,
දිනාදි චන්දූපා දිසානායක ගැන,
අනූප් ශාලික ජයමාන්න ගැන,එතකොට.. ඇරාෆාවරුන්ගෙන්
ආශෝ කුමරිය ගැන,
බේරුෆ් යුධ සෙන්පති ගැන,ඔයාලාට මොකද හිතෙන්නේ?
සහ...
වැදගත්ම දේ.. අද දවස මොකක්ද?
ඔයා මේ කතාව කියවන්නේ මේක පළ කරලා දවසකට, සතියකට, මාසෙකට, අවුරුද්දකට, අවුරුදු ගාණකට පස්සේ වුණත් කමක් නැහැ. අද දිනය මොකක්ද කියලා කමෙන්ට් කරන්න කියලා ඉල්ලනවා 💚.සමහරවිට මේ වනවිටත් ඔයා අතරත් ඇරාෆාවරයෙක් එයාලාගේ ඇරාෆාව බේරගන්න සටන් වදිමින් ඉන්නවා ඇති ඔයාටත් හොරෙන්. ඉතිං.., එයාලාව අදුරගන්න තියෙන එකම දේ මොකක්ද දන්නවද? ඒ මරකත ලෝචන!
මරකත ලෝචන, එහෙම නැත්නම් කොළපාට ඇස්, එයාලා කොච්චර අපෙන් හැංගෙන්න හැදුවත් එයාලාව අපිට පෙන්නයි.
ඇරාෆාවරුන්ට යටත් වෙනවද?
එයාලාට උදව් කරනවද?
එහෙම නැත්නම් මිනිස්සු වෙනුවෙන් සටන් කරනවද?
මිනිස්සුන්ට උදව් කරනවද?මේ හැමදේම ඔයාලාගේ තීරණයක්!
හැබැයි මට කියන්න තියෙන්නේ එක දෙයයි ලමයි,
එයාලාගේ මෙහෙයුම අන්තිම ඇරාෆාවරයා දක්වාම එයාලා නවත්තන්න සූදානම් නැහැ!ඉතිං,
ඇරාෆාවරුන්ගේ මෙහෙයුම දිගින් දිගටම නොනැවතී ඉදිරියට!ස්තූතියි!
මීට,
සාරා අරිසු.
YOU ARE READING
Marakatha Lochana | මරකත ලෝචන ✓
Horrorනිවාස සහ ඉඩම් ව්‍යාපාරිකාවක් වන දිනාදි චන්දූපා දිසානායක, තම පැරණි පාසල් මිතුරෙකුගේ ඉල්ලීමක් පරිදි ඔහුගේ වලව් පන්නයේ පැරණි නිවසක් විකුණා දීමට ඉදිරිපත්වනවා. ඒ සඳහා මනා ගනුදෙනුකරුවෙකු ද ඇය විසින් සොයා ගනු ලැබූ අතර, ඇයට වඩා දෙවසරකින්ම ලාබාල ඔහු වෛද්‍ය අ...