මරකත ලෝචන 💚 - 06

216 36 4
                                    

උදෑසන කුරුළු ගීත රාවයෙන් පිබිදෙද්දී මා සිතට ආවේ කෝපයකි.

"නිදාගන්නවත් නෑ හරියට මේ කුරුල්ලෝ එක්ක.."

තනියම බනිමින් මම නානකාමරය වෙතට වැදුනෙමි. ඉක්මනින්ම සූදානම් වී මාගේ කුටියෙහි දොරටුව හරිද්දීම අනූප් ඒ ඉදිපිට සිටීමෙන් මා මෙන්ම ඔහු ද පුදුම වූ බවක් දක්නට ලැබීය.

"අනූ..ප්.. ඔයා?"

"මම.. ඔයාට කතා කරන්න ආවේ.. අ.. දැන් කකුල කොහොමද?"

ඔහු විමසුවාට පසුවයි මා හට මතක් වූවෙත් පෙර දින මාගේ පාදයක් තුවාල වූ බවත්.

"අ.. කකුල.. හොඳයි.."

මම යාන්තමට සිනාසී ඔහුට ප්‍රතිචාර දැක්වුවෙමි.

"හොඳ වුණාට කමක් නෑ.. කෝ බලන්න..."

ඔහු මා අසලම බිමට පහත් වී මාගේ කකුල පරීක්ෂා කරන්න වූයේ, මා පෙර දින මෙන්ම ගල් වී ඔහු දෙස බලා හිදිද්දීයි.

අනූප්.., ඇයි ඔබ මෙතරම් ම මාගේ සිත තිගස්වන්නේ?

"හ්ම්ම්.. ටිකක් හොඳයි.. වැඩිය නටන්නේ නැතුව ඉන්න දැන්වත් දිනූ.."

මාගේ දෙපා අසලින් අනූප් නැගී සිටියේ එලෙස පවසමිනි.

"පිස්සු ද? මට එච්චර අමාරු නැහැ අනේ.. මේ බලන්න මට උඩ පනින්නත් පුළුවන්.. නටන්නත් පුළුවන්..."

මම ඔහු ඉදිරියේ දඟලමින්, නටමින් මාගේ පාදයේ කිසිදු ආබාධයක් නැති බව පෙන්වීමට උත්සාහ කළෙමි.

අනූප්ගේ මුවෙහි යාන්තමට සිනාවක් ඇදුනත් ඔහු එය පාලනයට උපරිම උත්සාහයක් දැරීය.

"තව අමාරු වැඩි කරගෙන ආයේ මට බෙහෙත් කරන්න වෙයි දිනූ හැබැයි ඔහොම නැටුවොත් නම්... මේ පාර හැබැයි බෙහෙත් සැර වෙයි..."

අනූප් මාගේ දෙනෙත් දිහා බලාගෙනම එලෙස පවසා ඇසක් ඉඟි මැරුවේ වෙනත් අරුතකින් බව මට මොහොතකින් සපථ විය.

එනිසයි මා මුව වසාගත්තේ.

"ඒත් අනූප්.. මට ප්‍රශ්නයක් නැහැ.. ඔයාට ගෙදර බලන්න උදව් කරන්න පුළුවන් මට.."

"නෝ! අද අපි විවේක සුවයෙන් ගෙදර චෙක් කරමු. එන්නකෝ..."

මා හට කිසිවක් පැවසීමට ඉඩ නොවීය.

Marakatha Lochana | මරකත ලෝචන ✓Where stories live. Discover now