Jungkook වොෂ් එකක් දාගෙන කාමරේට ඇතුළු වෙද්දිම ටේ jungkookගෙ ඇගේ හැප්පිලා කාමරේන් එලියට දිව්වා.එයාට ඒ මොකක්ද වුනේ.
තමන්ගේ ඇගේ හැප්පිලා දුවන ටේ දිහා බලාගෙන jungkook එසේ මිමිනුවා.
විනාඩි විස්සකින් විතර ආයේ jungkookගෙ කාමරේ දොර ඇරුනා එවිට ඇදේ සිටි jungkook දොර දෙසට ඔහුගේ ඇස් යොමු කලා එවිට ඔහු දුටුවේ taehyung ඔහුටත් වඩා ලොකු පිජාමා එකක් ඇදගෙන දොර ලගට වෙලා jungkook දෙස බලා හිදින ආකාරයයි.
ඔතනම ඉන්නද කල්පනාව අද නිදියන්නේ නැද්ද?
Jungkook ඔවුන් අතර කිසි දෙයක් නොවුන ආකාරයට එසේ ටේ ගෙන් ඇසුවා.
ම්ම් මම මේ කොහො..මද නිදා.. ගන්නේ.
ටේ බිම බලාගෙන එසේ ඇසුවේ jungkookගෙ කාමරයේ එක ඇදක් විතරක් තියෙන නිසා.
අපි දෙන්නම ඉන්නේ මේකේ ඇයි ඔයා කැමති නැද්ද මාත් එක්ක ඇද බෙදාගන්න.
Jungkook බිම බලාගෙන ඉන්න ටේ දිහා බලලා කිප්ප හිනාවක් දාලා එසේ ඇසුවා.
එහෙම නැහැ .
ටේ එහෙම කියලා බිම බලාගෙනම jungkook ඉන්න ඇද ලගට ගිහින් jungkookගෙ එහා පැත්තෙන් ඉද ගත්තා.
Jungkook එක පාර ටේගෙ අතින් ඇද්දා ඇදපු පාර ටේ නැවතුනේ jungkookගෙ පපුව මත jungkook එහෙමම ටේව ඔහුට තුරුළු කරගෙන ඇස් දෙක පියා ගත්තා.
Ju.....ngk..oo..k.
ටේ එසේ මිමිනුවා.
දැන් නිදියන්න හෙට උදෙන්ම අපි නැගිටින්න ඕනේ.
Jungkook එසේ කියා ටේව තව ටිකක් තදින් ඔහුගේ පපුවට තුරුළු කර ගත්තා. ටේත් මුකුත් නොකියා ඒ අහංකාර පපුවට තුරුළු වෙලා ඇස් දෙක පියා ගත්තා.
"මට මෙහෙම සලකන්න එපා පණ එතකොට ඔයා මට නපුරු විදියට සලකද්දී මට මගේ ජීවිතේම එපා වෙනවා."
ටේ jungkookගෙ පපුවට තුරුළු වෙලා ඇස් දෙක පියාගෙන එසේ සිතුවා.
"මට උබේ ඇස් වල කඳුළු දකින්න බෑ ටේ මම දන්නේ නැහැ ඒ ඇයි කියලා ඒත් මම ඔයාට පොරොන්දු වෙනවා මම ඉක්මනට ඒ ඇයි කියලා හොයාගන්නවා කියලා"
YOU ARE READING
The Dreams|| taekook ||
Romanceසම්මත ලෝකයේ අසම්මත ඔවුන්ගේ ආදරය කෙසේ ගලා යාවිද?. අපි පැටළුණේ අසම්මතයක එ නිසා අපිට ආදරය හිමි නැද්ද ? මගේ පණ Jungkook . සම්මතයක පැටලිලා දුක් විඳිනවාට වඩා හොඳයි අසම්මතයක පැටලිලා ආදරේ කරන එක මගේ මැණික Taehyung . Taekook story . Top- jungkook ...