Sauth korea ~~~~~~~~~~.ජන්කුක් ටේ හින්සුහා කොරියාවට ඇවිත් දැන් පැයකට වැඩියි. ජන්කුක් තමයි ටේවයි හින්සුහාවයි ගෙවල් වලට ඇරලවන්නේ .
දැන් විනාඩි පහකට කලින් හින්සුහාව එයාගෙ ගෙදරින් දැම්මා දැන් ඉන්නේ ටේයි ජන්කුක් විතරයි කාර් එකේ. ටේට ඕනේ කලා jungkook එක්ක කතා කරන්න ඒත් ඒ මුරණ්ඩු හිත කැමති වුනේ නැහැ jungkook එක්ක කතා කරන්න.
කොෆී එකක් බොනවාද?.
තිබූ නිහැඩියාව බිද දමා jungkook ඔහුගේ හඩ අවදිකර එසේ taehyungගෙන් ඇසුවා.
ඔයා බොනවනම් හා.
ටේ ඔහුගේ අතේ ඇගිලි එකට ගුලි කරමින් ඔහුගේ තොල් උල් කර එසේ කීවා.
Jungkookට ඒ වෙලාවේ ඇත්තටම හිතුනේ ඒ රතු පාට ටේගේ තොල් හරි පරිස්සමර සිප ගන්නයි ඒත් ඒක කරන්න jungkookගෙ අහංකාර හිතනම් කැමති නැහැ .
Jungkook කොෆී ශොප් එකක් ගාව වාහනය නැවැත්තුවා.
ඔයා ඉන්න මම අරගෙන එන්නම් කොෆී දෙකක්. අපි ඒක කා එක ඇතුලේ ඉදලා බොමු.
Jungkook එහෙම කියලා ටේ පිලිතුරක් දෙන්නත් කලින් වාහනයෙන් බැහැලා කැෆේ එක පැත්තට ඇවිදගෙන ගියා.
එයාට එක පාර වැහිච්ච යකා මොකාද ඒක ඇතුලට ගිහින් බිව්වනම් ඉවරනේ. ඕඕ දැන්නේ තේරෙන්නේ මාත් එක්ක යන්න ලැජ්ජ ඇති මම කොල්ලෙක්නේ මෙතන කෙල්ලෙක් හිටියනම් බලන්න තිබ්බා අතින් අල්ලගෙනම ඇතුලට එක්කගෙන ගිහින් වාඩී කරවලා කොෆී එක පොවලා වඩාගෙනම එයි බුරුවා.
ටේ jungkook ගියපු වෙලාවේ ඉදලා jungkookට බනින්න ගත්තා.
ඇත්තටම jungkook taehyungව කා එකේ දාලා යන්න හේතුව ඒ කැෆේ එකේ සෙනග ගොඩක් හිටිය නිසා මොකද අහංකාර නපුරු කැප්ටන් කැමති නැහැ එයාගෙ පුංචි බේබී ඩොක්ටව කවුරුත් දකිනවාට.
Jungkook කොෆී දෙකක් අරගෙන ඇවිත් ටේට එකක් දීලා ඔහුත් එකක් බිව්වා. Jungkook බොන ගමන්ම drive කරන්න ගත්තේ ටේගේ ගෙදරට දැන් ලග නිසත් හොදටම රෑ වෙලා නිසයි.
පැය බාගෙකට විතර පස්සේ jungkook වාහනය නතර කරේ ටේගේ ගෙදර ඉස්සරහ .
එහෙනම් පරිස්සමින් යන්න.
YOU ARE READING
The Dreams|| taekook ||
Romanceසම්මත ලෝකයේ අසම්මත ඔවුන්ගේ ආදරය කෙසේ ගලා යාවිද?. අපි පැටළුණේ අසම්මතයක එ නිසා අපිට ආදරය හිමි නැද්ද ? මගේ පණ Jungkook . සම්මතයක පැටලිලා දුක් විඳිනවාට වඩා හොඳයි අසම්මතයක පැටලිලා ආදරේ කරන එක මගේ මැණික Taehyung . Taekook story . Top- jungkook ...