Jin හිමීට සදලේගේ ඇදුම් එකින් එක පීරලා බැලුවේ සැක සහිත යමක් හොයාගන්න තියෙයිද කියලා.තොලත් හපාගෙන අල්මාරිය ඇද්ද jin දැක්කේ සදලිගේ පර්ස් එක..." මේකට තමයි ඔබාගත්තේ...අනිවාරෙන් අල්මාරියේ හොර ලාච්චුවල යතුර වෙන්න ඕනි..."
Jin එහෙම කියලා පර්ස් එක ඇරලා එළියට ගත්තේ යතුරු දෙකක් තියෙන පොඩි කැරැල්ලක්...
පර්ස් එක හිමීට ඇදුම් උඩින් තියපු jin එක යතුරකින් අල්මාරියේ යට ලොකර් එක අරින්න ගත්තේ.ඒ යතුරෙන් අරින්න බැරි වුන තැන අනෙක් යතුර දාලා කොහොමහරි ලොකර් එක ඇරගත්ත ජින් හිමින් සීරුවට එකින් එක පීරන්න ගත්ත.මුල්ම ෆයිල් එක තිබුනේ සදලිගේ උප්පැන්න සහතික අනම් මනම් ටික..ෆොටෝ ඇල්බම්...ගුරු පත්වීම සම්භන්ද ලිපි තියෙන ෆයිල් එක..සහතික දාපු ෆයිල් එක..ජින් ලොකර් එක වහන්න හදන කොටම දැක්කේ ඇල්බ්ම් එකකට යට වෙලා අඩියටම වුන නිල් පාට ෆයිල් එකක කොටසක්... ජින් ඇල්බම් එක අයින් කරලා හිමින් සීරුවට ෆයිල් එක අතට ගත්තේ...
ෆයිල් එක පෙරළලා බලපු ජින්ට සීතලේ පවා දාඩිය දාන්න ගත්තේ හදවතේ බුර බුරා කෝපය දලුදා වැඩෙද්දී...වෙව්ලන ඇගිලි තුඩු වලින් ඊලග කොලේ පෙරලද්දි ජින්ගෙ දෑස් තවත් රතු වුනා....
ඔවු මිස්ටර් කිම් ගේ අවසන් කැමැත්ත...කොලේ තැනින් තැන රුධිර සටහන්...මරණාසන්න මොහොතෙදි තමයි මේක ලියන්න ඇත්තේ...ජින්ට හිතුනා...රාජිත Mr. Kim ව මරන්න මෙච්චර උනන්දු වෙයි කියලා ජින් දැනගෙන හිටියනම් තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුනා...ජින් රාජිතට එකතු වුනේ Mr. Kim ව විනාශ කරන අරමුණින් නෙවෙයි....ඒ taehung ඉවරයක් කිරීමේ බලාපොරොත්තුවෙන්මයි.
ඒත් රාජිත දන්නේ නෑ ඔහු තමගේ ඉත්තෙක් බව.....
දෑස් දල්වාගෙන බලාගෙන හිටියේ ඔප්පුව සහ අන්තිම කැමැත්ත දිහා...වියරුවෙන් තොලත් හපන් තද කරලා ෆයිල් එක අල්ලගත්ත ජින් ගිනිගන්න දෑස් වලින් බැලුවේ නිදාගෙන ඉන්න සදලි දිහා..." නැගිටහන්කෝ....එතකොට බලමු...බැ&@*&#"
ජින් කේන්තියෙන්ම තමන්ට කියාගත්තා...
ජින් අල්මාරිය හදලා පර්ස් එක ඇදුම් යටින් නෙවෙයි ඇදුම් උඩින් තිබ්බේ සදලි සැකයක් ඇති කරවන්න...සදලි කලබල වෙලා මුලු අල්මාරියම පීරයි කියලා ජින්ගේ හිතේ විශ්වාසයක් තිබුනා....
![](https://img.wattpad.com/cover/314691742-288-k904895.jpg)