.
.
.
.
රැ බෝවී නැතත් වැහි වලාවක සේයාව නිසා අදුර තව තවත් මුළු පරිසරයම වෙලාගන්න දැඩි උත්සාහයක...., ඝන අන්ධකාරයෙ පාළු පාරක ඇය ඉක්මන් අඩි තියමින් ඉස්සරහටම ඇවිද්දේ.. පාළු පාරේ මනුස්ස පරානයක් හෝ බලාපොරොත්තුවෙන්....
.
.
සමහර විට ඇයට හැගෙන්නට ඇති තමා පසු පසින් පැමිනෙන මිනිසුන් තිරිසන් සතුන් මෙන් තමන්ව යම් කාළයක සිට ලුහුබැඳින බව...
ඇය අසරණයි...... දුක,බය දෙකම අතර දෝලනය වෙමින් පවතින ඇගෙ මුළු ශරීරයම තවත් ඉදිරියට රැගෙන යාමට නොහැකි තරම් ඇය අසරණයි...
.
.
.
.
.
.
ඔවුන්ගේ අඩි ශබ්දය තමා වෙතට ලන් වෙත්ම, ඇයට හැකි උනේ වාරු නැති ශරීරයට කෙසේ හෝ ශක්තිය රැගෙන දිවීමට පමණි.... එ ඇගේ ජීවිතය බේර ගැනීමට නොවේ... හුදෙක් ඇයට ඉටු කිරීමට අති විශාල කාර්යයක් තිබු බැවින්.., ඇයට රැකීමට මැණිකක් තිබු බැවින්....,නමුදු,
දෛවය ඇයට ගැලවීමට ඉඩ නොදෙන හැඩයි...
එක් ක්ෂණයකින් ඔවුන් ඇයව වට කර ගත්තෙ ඇයට එතනින් පලා යෑමට කිසිම ඉඩ කඩක් නොතබා...
"ක... කවුද ඔයාලා.... ඇයි ම.. මාව fo.. llow කරන්නේ.... ඔයාලට මොනවද ඕනෙ....."
.
.ඇය දැනුයි ඔවුන්ව, ඔවුන්ගේ මුහුණු හරියටම තම දෑස් වලට හුරු කර ගත්තෙ.... මීට පෙර දැක නොතිබු මුහුණු තුනක්... ඇත්තටම මොනවද ඔවුන්ට ඇයගෙන් අවශ්ය...
.
."ඔය... ඔයාලට සල්ලි නම් ඕනේ ම... මම දෙන්නම්... ප්ලීස් මාව අතාරින්න..."
.
.ඇය බැගෑපත්වුනෙ තමන් එන තුරු මග බලා සිටින පුංචි මැණික ගැන සිය දහස් වාරයක් හිතමින්..
ඇයගේ පැනයට පිළිතුරු දීමට ඔවුන්ට කිසිම උනන්දුවක් නැති හැඩයි ... එක් අයෙක් තම එක් අතක් පිටුපස සඟවා ඇය දෙසට බර අඩි තියමින් ඔහුගෙන් දිස්වෙන සමච්චල් සහගත සිනහව ,, ඇයගේ අන්තිම බලාපොරොත්තුවත් බිඳ දැම්මා.. අතේ සඟවා තිබු පිහිය ඇයගේ උදරය වෙතට එල්ල කළේ ඇස් පිය ගසන වේගයෙන් හිතන්නවත් වෙලාවක් නොදී.. ...
YOU ARE READING
├𝑬𝒗𝒊𝒍 𝑴𝒊𝒏𝒊☬☠ ┤ °<𝚢𝚘𝚘𝚗𝚖𝚒𝚗>°
Fanfiction❒ විසිරුණු මතක පපු කුහර පෑරුවටත් පස්සේ එකින් එක හද ගැඹුරේ මතක ඇමුණුම් ගොතාගෙන මට පුලුවන් උනානම් ඈතට යන්න ඉතින් පොළවට බැරිද තදම තද වැහිකැට දරාගෙන ඉන්න?? ____________________________________________ "අහේතුක ආදරයක්" ඔව්,මම කරේ එහෙම ආදරයක්.... පුදුමයි!ම...