07 Disbelief

124 32 7
                                    

.
.
"අංකල් drop කරාද එයාව.."

✆ ඔව් මහත්තයා.. ඒත් හේතුවක් නම් දන්නේ නෑ මහත්තයා.... බේබි ගෙදරට යනකම්ම අඬ අඬා ගියේ.. බැරිම තැන මම ටිකක් කතා කරාම මටත් කෑ ගැහුවා..

"ම්ම්.... ගෙදරට යන මගදි කොහේවත් නැවැත්තුවේ නැද්ද වාහනය."

✆ නැ මහත්තයෝ.. Airport එකේදි වාහනයට නගින වෙලේ ඉක්මනට යමු කියලා කියන්න විතරයි බේබි මාත් එක්ක කතා කරේ..

"හරි අංකල්... දිගටම ඔය විදිහටම ඉන්න... ටේහියුන් මොනා කරත් මට call කරලා කියන්න.. එ පොඩි දෙයක් වුණත් කමක් නැ...

ම්ම්ම්.. තව දෙයක් ගෙදරින් පිට යනවා නම් එවෙලේම මට කියන්න.. "

✆ හරි ජන්කුක් මහත්තයා...

.
.
.
"මොනවද කිව්වේ? "

තම දුරකථනය දෙස ඇස් අයාගෙන කල්පනාවක වැටී සිටි ඔහු, පිටුපසින් ආ ගොරෝසු කටහඬ දෙසට හැරුණේ මුහුනේ තිබු කනස්සලු ස්වභාවය එලෙසම පවත්වා ගනිමින්...

"තේරෙන්නේ නෑ හියුන් මොනවද වෙන්නේ කියලා.., අපි විතරක් නොදන්න මොකක්ද මිනී ගෙ කතාව... ආහ්... ඇයි මිනී එහෙම හැසිරෙන්නේ.., ඇයි ටේහියුන් කියන එක බොරුවකටවත් මිනී මුකුත්ම කියන්නේ නැත්තේ...... ඇයි දෙයියනේ හියුන් මිනී ට අපි ගැන
එ.... ච්චරටම අවිශ්වාස... "
.
.

ඔවු ඔහු අඩනවා.... මුළු කොරියාවම දන්න හිතුවක්කාර ව්‍යාපාරිකයා අඩනවා... මිනී වෙනුවෙන්...... ඔහුගෙ සහෝදරය වෙනුවෙන්....
.
.

" කුක් ඇති බං.... ඔම්මා ආවොත් එහෙම එයා... ට දරා ගන්න බැරි වෙයි
ජන්....කුකා...හ්."

අවසන් වචන ටික දුර්වල වූ හැටි ඔහුට හොඳටම ඇහුන ... තම කදුළු පිරි දෙනෙත් වලින් ජන්කුක් , ඔහු දෙසට ඇස් යොමු කරා... පනින්න ඔන්න මෙන්න තියෙන කදුළු නවත්තන්න ඔහු දැඩි උත්සාහයක....

" ඔය කදුළු කවද වෙනකන් මගෙන් හංගනවද හියුන්... කොහොමද ඔහොම දරා ගන්නේ... මම දන්නේ නෑ කියලා ද හිතන්නෙ... ආහ්.... අර මාස තුනේ ඔයා මිනී ව හොයන්න දගලපු විදිහ..., එ කිසිම දෙයක් හරියන්නේ නෑ කියලා දැනගත්තම කාටත් හොරා ඔය ඇස් වලට නිදහස දුන්න හැම වෙලේම මම ඔයා ළඟ හිටිය හියුන්.... දුරකට වෙලා බලන් හිටියා... ඉතින් ඕවා මගෙන් හැංගුවා කියලා වැඩක් නෑ හියුන් "

├𝑬𝒗𝒊𝒍 𝑴𝒊𝒏𝒊☬☠ ┤ °<𝚢𝚘𝚘𝚗𝚖𝚒𝚗>°  Where stories live. Discover now