vote goal 10
තවමත් ඉර නොපෑයු සීතල හිමිදිරියේ ජනෙල් තිර අස්සෙන් එබිකම් කරන සීතල ඔවුන් සියුම්ව ගැටී නොගැටී ඔහු වටා දග කරන්නේ.., ලා නින්දේ සිටි ඔහුව නැගිට්ටවන්න පුංචි උත්සාහයක් දරමින්...
මේ වතාවේ නම් සීතල සුළඟේ පුංචි උත්සාහය සාර්ථකයි....
.
.
.සීතල ඔවුන් ඔහුත් සමඟ හැමදාමත් හිටියා... එදත් අදත් එ වගේම හෙටත්... ඔවුන්ට අවශ්ය ඔහුව පුංචි දෙයකින් හෝ සනසන්න...
ඔවුන් උත්සාහ කරනව..... තවමත්....
යළි ඔහුට පන දෙන්න
.
.නමුත් ඔහුගෙ ඒ විනිවිද යන හිස් බැල්ම ඔවුන්ටවත් දරා ගත නොහැකියි..
ජනෙල් කවුළු වලින් පිටත බලන් සිටින ඔහුගේ අවධානය යොමු වෙලා තිබුණේ පහලින් ඇහෙන ඔවුන්ගේ හඬට....
"කුක් දරුවෝ කෑම එක අරන් යන්න.."
"හරි.. හරි ඔම්මා මම ගත්තා... මහන්සි වෙන්න එපා... වෙලාවට බෙහෙත් බොන්න හරි ද?.."
"හරි ළමයෝ... ඔය කී වෙනි පාරද ඕක කියන්නේ...
කෝ.. යුන්... ""හියුන් තාම ලෑස්ති වෙනව ඇති ඔම්මා... එයාට කලින් මම එතැනට ගිහින් ඉන්න ඕනේ.. අපිට මේක ගොඩක් වැදගත් "
" පරිස්සමෙන්... සේරම හොඳින් වෙයි.. "
"මම යනවා ඔම්මා.. මිනී ට කියන්න මම ගියා කියලා.. ආහ් අනිවාර්යයෙන් බෙහෙත්... "
" හරි මගෙ පුංචි මහත්තයෝ.. දැන් යන්න.. "
ඔවුන් හිනා වෙනවා... වෙනදා නොතිබු සිනහවක් අද ඔවුන් තුළ ගැබ් වෙලා... මොකද ඔවුන්ගේ පුංචි මැණික ඔවුන් සමග, ඔවුන්ගේ ඇස් මානයේ...
YOU ARE READING
├𝑬𝒗𝒊𝒍 𝑴𝒊𝒏𝒊☬☠ ┤ °<𝚢𝚘𝚘𝚗𝚖𝚒𝚗>°
Fanfiction❒ විසිරුණු මතක පපු කුහර පෑරුවටත් පස්සේ එකින් එක හද ගැඹුරේ මතක ඇමුණුම් ගොතාගෙන මට පුලුවන් උනානම් ඈතට යන්න ඉතින් පොළවට බැරිද තදම තද වැහිකැට දරාගෙන ඉන්න?? ____________________________________________ "අහේතුක ආදරයක්" ඔව්,මම කරේ එහෙම ආදරයක්.... පුදුමයි!ම...