- අහස් මියුරු - 01

1K 82 10
                                    

අහස නිමාවක් නැති සදාකලිකද නැති එක්තරා විදිහක හැගීම් ගොඩක එකතුවක් වගේ ....

Ahas pov ...

මං අහස් .. අහස වගේ ගොඩක් දේවල් දරාගත්තා මේ අවුරුදු 21 ට .. තාත්තා කුලී වැඩ කරලා හොයන පුංචි ගානෙන් තමා මෙච්චර කල් අපි ජිවත් වුනේ... අම්මත් වලව්වේ මැනිකෙගේ හැම බලමෙහෙවර කමක් කලා වුනත් ඒකට කිසිම සල්ලියක් ගෙව්වේ නැත්තේ අපි මේ වැටිලා ඉන්න පැල්කොටේ හදාලා තියෙන්නේ උන්දලාගේ ඉඩම් කෑල්ලක නිසා .. මගේ මල්ලිත් තමා පොඩි .. ඉතින් මං වත් රස්සාවක් කරන්න ඕනී කිව්වට අම්මයි , තාත්තයි කැමති නෑ .. මාව ඕවට යවන්න ... මං හිතන් ඉන්නේ කොහොමත් කැම්පස් යන්න තෙරුනත් නොයා පොඩි රස්සාවක් කරන්න .. මගේ කල්පනාව බිදුනේ කවුරු හරි කෑගහන සද්දෙකින්..

එන්න කියපන් ඔබෙ මහලොකු පුතන්ඩියට ... ඇයි යකෝ අපෙන් කාලා අපේ ඔලුවටම අත හෝදනවනේ මුං ..

අනේ මැනිකේ ඇයි මේ කෑ ගහන්නේ ...

කෑ ගහන්නේ තාමා මානෙලෝ උබ දන්නවද මේන්න මූ කරලා තියන දේ...

ඒ කෑගැහුවේ වලව්වේ මැනිකේ වෙද්දි .. මං ගියා උන්දෑ ඉන්න තැනට ..

මොකද්ද සුදු පුතේ උබ කරේ ...

නෑ මානෙලෝ මංම කියන්නම්කෝ මූ කරපු හදිය ...

මං කරපු හදියක් නෑ මැනිකේ .. පුංචිමැනිකේ ඕනි නැති දේවල් කිව්වේ මගේ අම්මටයි , තාත්තාට යි .. ඒකයි මට ඒදේ කරන්න උනේ ..

එහෙම කියලා උබට පුලුවන් යකෝ මගේ කෙල්ලගේ කනට ගහන්න ..

දෙයියෝ පුතේ මොනවද උබ කරේ ..

අම්මේ මං ..

මේ මානෙල් එක්කෝ උබලා මේ ගෙදරින් පල නැත්තනම් මෙන්න මූව මෙහෙන් යවපන් .. මොකද උබ මගේ කෙනෙක් නිසා මං කියන්නේ හරිද.. මොකද මූ නිසා මගේ කොල්ලත් නාස්ති වෙනවා ..

මැනිකේ අම්මලා ඕනී නෑ මං යන්නම් ගෙදරින් .. හැබැයි මැනිකෙගේ පුතාගෙන් අහන්න .. මංද පස්සෙං ආවේ එයාද මගේ පස්සෙං ආවේ කියලා .. බොරු කතා නොහද යන්න මැනිකේ යන්න ...

𝐀𝐥𝐰𝐚𝐲𝐬 𝐖𝐢𝐭𝐡 𝐘𝐨𝐮 || ʸⁱᶻʰᵃⁿ 🔞🌸💗Where stories live. Discover now