08🍁

182 31 6
                                    

ඉතිං හැමදේටම පස්සෙ කිම් මැන්ශන් එකට අලුත් දවසක් පායල. හෝසොක් හෙමින් හෙමින් කිචන් එකට ආවෙ ගැහෙන හිතින්. කිචන් එකෙන් අහල පුරුදු ජන්කුක්ගෙ කටහඬ වගේම තවත් නාදුනන කටහඩවල් කිහිපයකුත් ඇහුනා.

එන්න හොබී හියුන්

හෝසොක් කිචන් දෙරෙන් ඇතුල් වෙද්දිම ජන්කුක් කිව්වෙ හැමදාම වගේ හිත පිරෙන හිනාවක් දීල.

හලෝ හෝසොක් මම ජින්

ගුඩ් මෝනින් හෝසොක් හියුන් මං ජිමින්

ලිපේ තියෙන ව්‍යාංජනයක් හැදි ගාමින් තමන්ව හදුන්වා දුන් කෙට්ටු උස පුද්ගලයා දෙස බැලපු හෝසොක් ආයෙමත් හැරෙද්දි හෝසොක් අතට කිරි වීදුරුවක් දුන්න ජන්කුක් වගේම හුරතල් පෙනුමින් යුතු තවත් තරුණයෙක් තමන්ව හදුන්වා දුන්න.

ඉතිං හැම වැරදි වැටහීමක් ම ලිහාගත්ත කට්ටිය ආයෙමත් හිනා වෙවී යුන්ගිගේ කොන්සට් ගැන කතා කර කර ඉන්දැද්දි හෝසොක් ආවෙ ෆයිල් එකකුත් අතේ තියන්.

මිස්ටර් කිම් .

ටේහියුන්ට කතා කරපු හෝසොක් ටේහියුන් අතට ෆයිල් එක දුන්නා.

මට අනික් අය වගේම ටේහියුන් කියන්න හෝසොක් . මොකක්ද මේ

ටේහියුන් හෝසොක්ගෙන් අහන ගමන් අතේ තිබ්බ ෆයිල් එක පෙරලල බැලුවත් ටේහියුන් ගෙ ඇස් තත්පරෙන් ආයෙමත් ලොකු උනේ මේ තරම් ඉක්මනට මෙහෙම දෙයක් බලාපොරොත්තු නොවුන නිසා.

තවත් කල් දාන එකේ තේරුමක් නෑනේ ටේහියුන් . මම අත්සන් කරල තියෙන්නේ . අනික අපි දෙන්නගෙම කැමැත්තෙබ් නිසා ඉක්මනට මේක විවර කර ගන්න පුලුවන්.

ටේහියුන් අතේ තිබ්බෙ ඩිවෝස් පේපර්ස්. ටේහියුන් ඒවා හදවන්න දෙන්න යන්න හිතන් හිටියත් හෝසොක් අත්සන් කරපු පේපර්ස් හෝසොක් ටේහියුන්ට ගෙනත් දුන්න. කට්ටියටම තේරුනා හෝසොක් කාලෙකට කලින් ඉදන්ම මේවා ලෑස්ති කරල තියෙන්නෙ නමුත් මොකක් හරි හේතුවක් නිසා මේ දේවල් කරගන්න බැරි වෙලා කියල. ඉතිං හැමෝම තවතවත් හෝසොක් ගැන පැහැදුනා.

එතකොට සීයා.

ජිමින් මතක් කලේ මෙතන් වැදගත්ම ඒත් හැමොටම අමතක වෙලා ගිය කෙනාව.

Breath of Hope  🍁 |SOPE|✔️Where stories live. Discover now