ටේහියුන්ගෙ කටහඩ එන්න එන්න ඉහල යද්දි වෙන්නෙ එච්චර හොද දෙයක් නෙමෙයි කියල තේරුන ජන්කුක් කර කර හිටපු එක පැත්තක දාලා ලිවින් රූම් එක පැත්තට යන්න ගියා.
ඒත් ජන්කුක්ගෙ කකුල් පවා පන නැති උනේ ජන්කුක් දැකපු දේ එක්ක. ඒත් එක්කම ජන්කුක් කෑගහගෙන ටේහියුන්ගෙ ඇගේ එල්ලුනා.ඕක නවත්තන්න ටේ ටේ . ප්ලීස් ටේ ටේ නවත්තන්න .
හෝසොක් හිටියේ ටේහියුන්ගෙ දෙපා මුල දණගහගෙන . එතකොට ටේහියුන් . ටේහියුන් තමන්ගෙ බෙල්ට් එකේ කොනක් තමන්ගෙ අත වටේ ඔතාගෙන හෝසොක් ඉස්සරහ නැගී සිටියේ රජ කාලෙ කසපහර දෙන්න රජතුමා අණ කරනකල් බලන් ඉන්න වදකයෙක් වගේ . ජන්කුක්ට හිතාගන්න බැරි උනා ටේහියුන් ට මේ තරම් තරහ යන්න හේතුව .
තමුසෙ හිතුවද ගේට් එක ඉස්සර උබේ හොර මිනිහව බදා ගෙන ඉන්නව මං දැක්කෙ නෑ කියල . එහාට වෙනව ජන්කුක්
ටේහියුන් කෑගැහුවේ තමන්ගෙ අතේ එල්ලුන ජන්කුක්වත් තල්ලු කරන ගමන් හෝසොක් ට බෙල්ට් එකෙන් පහරක් එල්ල කරමින්.
ජන්කුක් බොන්න දෙයක් ගේන්න කියල ගියහම ටේහියුන් හිටියේ ගේට්ටුව දිහාම බලාගෙන . මොකද හෝසොක් කියන්නෙ මොනව උනත් එයාගෙ වගකීමක්. ගේට්ටුව ගාව වාහනයක් නවත්වපු සද්දෙට ටේහියුන් හෝසොක් වෙන්න ඇති කියල බැලුවත් ගේට්ටුවෙන් කවුරුවත් ඇතුලට ආවෙ නැති හින්ද ටේහියුන් ඉදගෙන හිටපු තැනින් නැගිටලා බැලුවා . ඒක හෝසොක් නරක වෙලාව ද මන්ද ටේහියුන් දැක්කෙ හෝසොක් ආපු කෙනාව හග් කරගෙන ඉන්නවා. මෙච්චර වෙලා ටේහියුන්ගෙ හිතේ යටපත් වෙලා තිබුන කේන්තිය වතුරෙ ගිල්වපු රබර් බෝලයක් වගේ ආයෙමත් උඩ ආවා. හෝසොක් ආපු අනිත් මනුස්සයට හිනා වෙලා අතත් වනාගෙන එන හැටි බලන් හිටපු ටේහියුන් ඇසුරු සැනින් පහල ලිවින් රූම් එකට ආවා. ටේහියුන් මෙච්චර වෙලා තමන් දිහා බලාගෙන හිටිය කියල හෝසොක් දැනගෙන හිටියේ නෑ .
මාස්ටර් ඒ මගේ යාලුවෙක් විතරයි
හෝසොක් වේදනාව දරාගෙන ම බිම බලාගෙන කිව්වෙ ටේහියුන් තමන්ව ගෙනත් ඇරලවපු කෙනා පිලිබද ව වැරදි වැටහීමක් ඇති කරගෙන කියල තේරුන නිසා.
![](https://img.wattpad.com/cover/325713014-288-k39150.jpg)
YOU ARE READING
Breath of Hope 🍁 |SOPE|✔️
Fanficපදවැල් මගඇරිච්ච මට මතක කවියක්ම වෙච්ච්... ලංවෙන්න බැරිවෙච්ච ඒත් හීනගානෙම දැවටිච්ච.. අල්ලන්න බැරිවෙච්ච නමුත් හිත අස්සෙම නැවතිච්ච... මගේ ලෝකේ සඳ නුඹයි ඇස්මානේ අතහැරිච්ච... #painkiller කුමූ🍁 SOPE TAEKOOK Published - 16012023 Completed -15072023