ඉතිං හැම බලාපොරොත්තුවකටම වටිනා කමක් දෙන්න අලුත් දවසක් පායල. හෝසොක්ගෙ බලාපොරොත්තු අද හැබෑ වෙන්න යන්නෙ. ලොකුවට නැතුව පුන්චියට වෙඩින් එක ගන්න හෝසොක් යෝජනා කලා. වෙඩින් එකක් කිව්වට එහෙම්මමත් නෙවෙයි . නිතියෙන් ඒ දෙන්න ඒ දෙන්නගෙ වෙන්න. යුන්ගි කියන්නෙ කොහොමත් නිහඩ කෙනෙක් නිසා යුන්ගි හෝසොක්ගෙ තීරනේ ට එකග වුනා. ඉතිං අමාරු කාලේ දරාගන්න උදව් කරපු අය එක්ක හැමදේම ලෑස්ති වෙද්දි ජන්කුක් හිටියේ ඔක්කොටම වඩා සතුටින්. ඇත්ත මෙතන ස්තූතිය ලබන්න ඕනම කෙනා ජන්කුක් . සමහර විට එදා ටේහියුන් ජන්කුක්ව එක්කගෙන නොආවනම් හෝසොක් ට ජන්කුක්ව මුන නොගැහුනානම් මේ කතාව මෙහෙම නොවෙන්න තිබ්බා. ඉතිං ජන්කුක් තමා හෝසොක්ගෙ දේව දූතයා.
ඉතිං රෙජිස්ට්රාර් ඉස්සරහ යුන්ගි හෝසොක්ගෙ නමිනුත් හෝසොක් යුන්ගිගේ නමිනුත් දිවුරුම් දීලා ඒ දෙන්න ඒ දෙන්නගෙම උනා. වෙච්ච විශේශම දෙ තමයි හෝසොක් වෙනුවෙන් ටේහියුන් සාක්ෂි අත්සන් කරපු එක. ඉතිං මෙච්චර කාලයක් තමන් බාරයේ හිටපු හෝසොක් ව ඒ විදියට යුන්ගිට භාර දුන්නා. හැමෝගෙම මූන වල හරි ලස්සන හිනාවක් තිබුන කොට හෙට දවසේ මොනා වෙනවද කියල හිතන්න කාටවත් ඕන උනේ නෑ ._____________________________________________________
සතියකට පසු.
ඉතිං සතියකට පස්සෙ යුන්ගියි හෝසොකුයි ආයෙමත් සෝල් වලට ආවා. තවදුරටත් හෝසොක් ට ටේහියුන්ගෙ මැන්ශන් එකේ ඉන්න බැරි උනත් ජන්කුක් ට ඕන උනා හැමෝම එක්ක එකට ඉන්න. ඉතිං ඒ හින්දා කට්ටිය සෝල් වලම නමුත් ජනාකිර්ණ බවින් අඩු පැත්තක මැන්ශන් එකක් මිලදී ගත්තා. ඒ වෙඩින් එක දවසේ . ඉතිං දැන් හැමෝම එහෙට වෙලා බලන් ඉන්න නිසා හෝසොක් මෙන්ම යුන්ගි එහෙට පිටත් උනා.
මේගොල්ලො තාම ඇවිත් නැද්ද.
කිසිම කෙනෙක් දොර ලගට වෙලා එයාල එනකල් බලන් නොහිටපු නිසා පුංචි දුකක් නොපොන්නුවට යුන්ගිගේ හිතේ දලුලා වැඩුනා. යුන්ගි කියන්නෙ පිටතින් දරුනු සීතල බවක් පෙන්වන කෙනෙක් උනාට යුන්ගි සෑහෙන්න සංවේදී කෙනෙක්. ආදරනීය වැලද ගැනීමක් පවා යුන්ගිට ලොකු දෙයක් .
ඉතිං සතියක් තිස්සෙ යුන්ගි එක්ක ඉදල ආපු හෝසොක් අනිත් අයට ගත්ත තෑගිත් අරගෙන කාර් එකෙන් බැහැල යුන්ගිගෙ අතේ එල්ලුනා. දොර පේන මානෙදි ආයෙමත් හෝසොක් හැරුණේ හෝසොක්ගෙ ෆෝන් එක කාර් එකේ නිසා.
![](https://img.wattpad.com/cover/325713014-288-k39150.jpg)
YOU ARE READING
Breath of Hope 🍁 |SOPE|✔️
Fiksi Penggemarපදවැල් මගඇරිච්ච මට මතක කවියක්ම වෙච්ච්... ලංවෙන්න බැරිවෙච්ච ඒත් හීනගානෙම දැවටිච්ච.. අල්ලන්න බැරිවෙච්ච නමුත් හිත අස්සෙම නැවතිච්ච... මගේ ලෝකේ සඳ නුඹයි ඇස්මානේ අතහැරිච්ච... #painkiller කුමූ🍁 SOPE TAEKOOK Published - 16012023 Completed -15072023