02🍁

225 35 20
                                    

ජන්කුක්

හෝසොක් ජන්කුක් දෙන්නම ගැස්සුනේ කිචන් එකේ දොර ලගින් ඇහුන ගාම්බීර කටහඩට . දෙන්නම දැක්කෙ රතු වෙච්ච ඇස් වලින් තමන් දෙන්න දිහා බලන් ඉන්න ටේහියුන්ව. හැබැයි ටේහියුන්ගෙ ඇස් නම් තිබ්බෙ වෙන තැනක. ටේහියුන්ගෙ ඇස් කොහෙද බලන් ඉන්නෙ කියන එක නොදැකපු එක දෙන්නගෙම අතින් වෙච්ච ලොකු අතපසු වීමක්.

අහ්................. , ටේ ටේ

නැහැ ජන්කුක් තව වචනයක් කියන්නත් කලින්ම හෝසොක්ගෙ වේදනාත්මක කෑගැහිල්ල කිචන් එක පුරාම රැව් දුන්නා.

කිචන් එකේ දොර ලග හිටපු ටේහියුන් ඇසිපිය ගහන පරක්කුවට හිටියේ ජන්කුක් ලග. තවත් මොහොතක් වත් පරක්කු නොකරපු ටේහියුන් රත් කරල තිබුණු වතුර එක හෝසොක්ගෙ අතට හැලුවා. ජන්කුක්ගෙ අත අල්ලන් හිටපු හෝසොක්ගෙ අත මැණික් කටුව ලගට එනකල්ම ලේ පාට වෙලා.

බේබි යනවා රූම් එකට.

රතු වුණු ඇස් වලින් ජන්කුක්ට සැර කරපු ටේහියුන් ලං වුනේ හෝසොක්ට .
හෝසොක්ගෙ මුව දෙපැත්තෙන් තද කරපු ටේහියුන් විනාඩි කිහිපයක් හෝසොක් දිහා බලාගෙන හිටියා. වචනයක් වත් නොකියපු ටේහියුන් යන්න යද්දි හෝසොක් තමන්ගෙ අත ටැප් එකට ඇල්ලුවෙ ඇස් වලින් ගලන කදුලු පිහිද ගන්නවත් උත්සහ නොකර.

මේ මාස හය පුරාවටම ටේහියුන් හෝසොක්ව රිද්දුවා . ගොඩක් ම වචන වලින්. ටේහියුන් හෝසොක්ට මේ තරම් නපුරු උන පලවෙනි වතාව. ඒ වගේම ටේහියුන් කවදාවත් වැරදි විදිහට හෝසොක් දිහා බැලුවේ වත් හෝසොක් ව ස්පර්ශ කලේ වත් නෑ . ඒ අතින් ටේහියුන් කියන්නෙ මහත්මා ගති තිබුන හොද කොල්ලෙක් . මොන දේ උනත් හෝසොක් කොයිම වෙලාවක වත් ටේහියුන්ට වැරැද්දක් කිව්වෙ නෑ . මොකද හෝසොක් හිතුව මේ එයා එයාගෙ ආදරේට පිටුපෑව එකට වගේ ම ලස්සන ආදරයක් අතර තුන්වෙනියෙක් වෙච්ච එකට දෙවියෝ දුන්න දඩුවමක් කියල. හැබැයි හෝසොක් ලස්සන ආදරයක් මැද තුන් වෙනියෙක් උනේ එයාගෙ උමනාවට නෙවෙයි .

________________________________________________________

හියුන් ඔයා මොකක්ද ඒ කලේ ආ...
ඔයා දන්නවද එයා හැදුවේ මට කිරි එකක් හදල දෙන්න.

Breath of Hope  🍁 |SOPE|✔️Where stories live. Discover now