හෝසොක් වගේම ටේහියුන් කියන්නෙ මැරීඩ් කපල් එකක්. හැබැයි මේ කසාදෙ බලෙන් සිද්ද උන එකක් ද අසරණ කමට වෙච්ච දෙයක් ද කියල කවුරුත් දන්නේ නෑ . නෑ දන්නේ නෑ නෙවෙයි ඒ ගැන හොයන්න උවමනාවක් තිබ්බෙ නෑ . හෝසොක් ට නෙවෙයි ටේහියුන් ට. එතකොට හෝසොක් ?
හෝසොක් කොරියාවට ආවෙ හීන බලාපොරොත්තු ගොඩක් එක්ක. කොරියාව කියන්නෙ හෝසොක්ගෙ dream destination එක. අවුරුදු හතරක් තිස්සෙ ඉගෙන ගත්ත දෙයින් හෝසොක්ට පුළුවන් උනා කොරියාවට එන්න. ඒ ජපන් ටොයොටා මෝටර් රථ සමාගමේ සෝල් වල තිබුණු ශාඛාවේ කලමණාකරණ නිලධාරියෙක් විදිහට . හැබැයි හෝසොක් කොරියාවට ආවේ සතුටින් නෙවෙයි . මොකද හෝසොක්ට සිද්ද උනා හීන සහ ආදරය කියන දෙක අතර තේරීමක් කරන්න. හෝසොක් තෝරගත්තෙ එයාගෙ හීන.එතකොට එයාගෙ ආදරේ. නෑ ඒ ආදරේ මැරුනෙත් නෑ .ඒත් ඒ හැමදේම වෙනස් උනේ හෝසොක් කොරියාවට ඇවිත් මාසෙකට පස්සේ . ඒ කියන්නෙ මීට මාස පහකට කලින් .
එතකොට ටේහියුන් . ටේහියුන් ට තිබ්බා හරි ලස්සන ආදරයක්. ටේහියුන් ආදරේ කලේ හුරතල් ලෝකෙකට. ඉතිං ටේහියුන් මැරේජ් එකට අකමැති වෙන එක වැරැද්දක් නෙවෙයි . හැමෝම කැමති තමන් ආදරේ කරන කෙනා එක්ක ජීවිතේ බෙදා ගන්න.ඉතිං ටේහියුන්ගෙ හීනෙ උනෙත් ඒක. හැබැයි ටේහියුන්ගේ සීයා ඒකට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ . ඉතිං ටේහියුන්ගෙ සීයා වගේම අම්ම අප්පත් මැරේජ් එකෙන් පස්සේ හැමදේම හරියයි , ටේහියුන් හෝසොක් එක්ක සතුටින් ඉදීවි කියල හිතුවත් ටේහියුන්ගෙ යාලුවො එහෙම නැත්තම් ටේහියුන් කියන විදිහට එයාගෙ හියුන්ල නම් දැනගෙන හිටියා ටේහියුන් කවදාවත් ඒ සම්බන්දෙ නවත්වන්නෙ නෑ කියල . මොකද එයාල තමයි ඒ ආදරේ හරියට ම දැක්කෙ. එතකොට මේ මැරේජ් එක සිද්ද වුනේ . ඔව් ඒක සිද්ද උනේ තනිකරම ටේහියුන්ගෙ සීයට ඕන විදිහට . හැබැයි ඒක තේරුන් ගත්තෙ ගොඩ දෙනෙක් වැරදි විදිහට .
මේ වෙනකොට හෝසොක්ගෙයි ටේහියුන්ගෙයි මැරේජ් එක වෙලා මාස පහක් ගෙවිල . හැබැයි කිව්ව හිතපු විදිහට කවුරුවත් සතුටින් හිටියේ නෑ .
දෛවය හරි ලස්සනට මෙයාලගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න පටන් අරන් තිබුනා . මේක හෝසොක්ගෙ කතාව විතරක් ම නෙවෙයි. මොකද මේ කතාව ඇතුලෙ අනිත් අයගෙ ජීවිතත් ගෙතිල තිබුනා.
YOU ARE READING
Breath of Hope 🍁 |SOPE|✔️
Fiksi Penggemarපදවැල් මගඇරිච්ච මට මතක කවියක්ම වෙච්ච්... ලංවෙන්න බැරිවෙච්ච ඒත් හීනගානෙම දැවටිච්ච.. අල්ලන්න බැරිවෙච්ච නමුත් හිත අස්සෙම නැවතිච්ච... මගේ ලෝකේ සඳ නුඹයි ඇස්මානේ අතහැරිච්ච... #painkiller කුමූ🍁 SOPE TAEKOOK Published - 16012023 Completed -15072023