පලවෙනි ඩේසි මල🌸❤

758 62 6
                                    

###

ඇදුරුතුමා මෙහි!!!

කුමක්ද??

ඇදුරුතුමා පැමිනෙනවා..

ඉතින් කිමද?

කිමද..?? මිහරක් උතුමානනී අප සිටින්නේ පාඩම් මගහැර බව ඔබට අමතක උනේ කෙසේද..

දුවහාආආආආආආආආආආන්න්න්!!

මීවන් රසැති අඹ අත්තක එල්ලි සිටි ඔහු කෑගසමින් ඉවතට දිවගියේ ඔහුගේ මිතුරාද අමතක කරයි..

ඔබ නිසා දවසක මා මියයනවා.. එය නම් සත්‍යයක්!!

ඔබ මොනවද ඔතරම් රහසින් මුමුනන්නේ??

ඕහ් හහ්!! ඔබ මේ රාජ්ජ්‍යට විරුද්දව කැරල්ලක් ගසනාවවත්ද??



අසළ වූ පදුරකට මුවා වූයේ තාරුන්‍යයේ හිනි පෙත්ත මත සිටිනා තරුනයන් දෙදෙනෙකි..

එක් අයෙක් අත රැදි කැලෑ මලත් අනෙකා අත රැදි නැදුන් මුගුරෙනුත් දෙදෙනා අතර ඇති පෞරුශයන්ගේ වෙනස කැපී පෙන්වා ලීමට සමත් වුනා..

පදුරෙහි සැඟවී සිටි ඔහුන් දෙදෙනාට ඔහුන් සැඟවී සිටිනා බවද අමතක වී ගිය සැටියි..


" මට අවශ්‍යයි සැබෑ යුද්ධයකට මුහුන දීමට ! "

" කුමක්ද!!  ඔබට කුමක් හෝ විසක් කැවුනාවත් ද?? "


"එසේ නොවෙයි.. මනුස්සයෙක් වූවාම ත්‍රාසජනක දේ කලයුතුයි නොවේද.. ඔබ සෙ සැඟවී මා ජීවත් වන්නේ කෙසේද.. "

" මා කවදාද සැගවූයේ.. මේ මා ප්‍රිය කරන ජීවිතය පමනයි සුගා.. "

" අවශ්‍ය නැතිද ලෝකය නැරබීමට.. නැවුම් වාතය විදිමින් තන ගොල්ලෙහි වැතිරී සිටීමට.. දිය ඇල්ලක් අසල කඩු ශිල්ප පුහුනු කිරීමට..ඔබ නොවේද මටත් වඩා ඒවාට ඇලුම් කලේ.. "


තම මිතුරා අසලම වාඩි ගත් ඔහු කියුවේ තරමක් කලකිරුනු ස්වභාවයකින්.. අරලියා පුෂ්පයක වන් ධවල සම.. සටන් කරුවෙකු වන් අඳුරු පැහැ වස්ත්‍ර ඔහුගේ කඩවසම් බව තීවෘ කිරීමට සමත් වූවා..
අතරැදි මුගුර ශක්තිමත් දෑතින් අල්ලා සිටියෙන් ඒ දැඩි බව නිසාම මුගුර කිසිවිටෙක ඔහු දෑතින් මගනොහැරී සිටියා..

Deisy🌸 (Historical**✔**)Where stories live. Discover now