අට වැනි ඩේසි මල🌸

174 29 8
                                    


ජෝන් කුමරුනී.... කුමරුනී.. අවදිවන්න.. ඔහුන් සියල්ල අද මෙහි පැමිනෙනවා..!!!!

කවදාද ඔබ මගේ අණට යටත් වනුයේ.. හහ්!. මා සැමවිටම පවසනවා මෙතරම් උදෑසනින් මාව අහැරවීම නුසුදුසු ඉතාමත් අයහපත් පහත් නීච ක්‍රියාවක් බව.. කෙදිනද මොහුන් මා පවසනා දෙයක් අසන්නේ..
තම යහනින් බිමට පැන ඔහු තම මුහුන පිරිසුදු කරගැනීමට පිටත් වූයේ තනිවම මුමුනමින්..

මට ඔහුන් පැමිනියාත් ඇති ඵලය කුමක්ද.. මට මිතුරන් සිටින්නේ මේ රාජ්ජයේ පමනයිනේ..ඉදින් කුමකට මා ඔහුන් හමුවට යනවාද..?

ජන්ග්!!

කුටියෙහි වූ කුලුනට වාරු වී ජන්ග් නිදි කිරා වැටෙන බව දුටු ජෝන් කෑගසන්නට වූයෙන් ජන්ග් එක්වරම ගැස්සී අවදි විය.

කුමක්ද එවර!! ඔහ්.. සමාවෙන්න පෙරදින මැදියම් රැය වනතුරුම මා ඔබගේ කුටිය පිරිසිදු කලා....
ජන්ග් පවසා සිටියේ විශාල ඈනුමක් ද යවමින්..

හොඳයි.. ඔබට මේ ලැබෙන්නේ මිතුරන් ඇති කර ගැනීමට කදිම අවස්ථාවක් නොවේද?
සිතන්න ගෝර්යාවේ සිටින්නේ නුවනැත්තනම්.. ඔහුන් විශාල වශයෙන් නැඹුරු පුස්තකවලටලු.. ඔහුන්ට වැඩි අවස්තාවක් තිබෙනවා ඔබගේ මිතුරන් වීමට.. කිමද ඔබ ප්‍රියයිනේ පුස්ථක ඉගෙනීමට.. එවිට බෙක්ජේ රාජධානියෙන් පැමිනෙන කුමාරවරුන් වඩාත් ප්‍රිය කරන්නේ රෝගීන් සුවපත් කිරීම ආදියට බවයි පැවසෙන්නේ.. ඔහුන් සැමවිටම ඔසු පිළිබඳ හදාරනවාලු.. අවසානයේ ඉතිරි වන්නේ ජෝසනයේ කුමාරවරුන්.. ඔහුන්ගේ දක්ෂතාවයන් පවා අභිරහසක් බවයි ජෝසනයේ වැසියන් සිතා සිටින්නේ..

කුමක්!!! එසේ වන්නේ කෙසේද..? ජන්ග් කෙසේද මෙතරම් දේ දැනුවත් වූයේ..
ජෝන් කුමරු තම වස්ත්‍ර එකින් එක පැළද ගනිමින් තම එක් ඇහිබැමක් ඉසළට කර ජන්ග් දෙස බැලුවේ විමසීමෙන්..

මා සියල්ලක් ගැනම දැනුවත්.. නැතිනම් කවුරුන්ද ඔබට මේ තරම් දේ පවසන්නේ..
ජන්ග් ඔහුගේ නොනවතින සිනාව සමඟින් පැවසුවේ කුමරුගේ තරවටු දෑස් දෙස බලමින්..

එසේ නොවෙයි.. කෙසේද දැනුවත් වූයේ..
නැවතත් පෙරටත් වඩා විමසිලි බැල්මක් ඔහු ජන්ග් වෙත ලබා දුන්නා..

Deisy🌸 (Historical**✔**)Where stories live. Discover now