දෙවෙනි ඩේසි මල🌸

310 46 1
                                    


ඔබට කිනම් හෝ අනතුරක් වුවහොත්..
.
.
.
.

ඔහු මෙහි සිටිය යුතු නොවේද??
හරිතපැහැ වූ ග්‍රාමය පුරා සැරි සරමින් සිටියේ දුගී බවක් ඉසි ලූ කඩමාලු ඇදි තරුනයෙක්..
ඔහු පසු පසම වැටී සිටියේ ඔහු තරම්ම උසැති ඔහුගේම වයසේ කිවහැකි තරුනයෙක්.. ඔහුන් කුමක් හෝ සොයනවා විය යුතුයි..

මා පෙර දිනයේ මේ ස්තානයේදි ඔහුව දුටුවා!
අත වූ ලී කෝටුවෙන් තණබිස්සෙහි වැඩී තිබූ ඝන පැලෑටි එහා මෙහා කරමින් ඔහු තියුනු සෝදිසියක..

නමුත් ඔහු පසු පසින් පැමිනි තරුණයානම් සිටියේ ලේන් පොව්වෙකුගේ වැනි තැතිගත් දෑසින් වට පිට බලමින්..

ජන්ග්..!! මෙන්න... දෑස් දල්වා බලන්න මා ඔහු සොයාගත්තා..!!!
කුඩා සුනඛ පැටවකු ඔහු අත ගුලිවී සිටියේ  සීතලෙන් මිරිකෙමින්..

මෙතරම් වේලා ඔහු සුනඛයෙකු සෙව්වාද.?

අප ඉක්මනින් ම යායුතුයි..ඔහු දැනගනීවී අප පිටතට පැමිනි බව..
මිතුරාගේ දෑතින් අදිමින් ජන්ග් පැවසූවත් ඔහු අත් අතර ගුලි වී සිටින සුනඛ පැටවා දමා ඒමට කිසිදු රුචියක් නොමැති සේයි..
පෙරදින රාත්‍රියේ අධික වර්ශාව නිසාම ඔහු  රැයම නිදි වර්ජිතව ගත කලේ සුනඛයා ගැන සිතමින්.. කාල වර්ණ විශාල දෑස් සහ ලෝම පීරී තිබූ පැටවා සැබැවින්ම  සුරතල්.

මා මොහු රැගෙන යනවා...
දැඩි ස්තීර බවකින් අවසානයේ ඔහු පවසා සිටියා..

කුමක්ද????? උතුමාණනී කරුණාකර මා පවසන දේ අසන්න..මෙසෙ...-

පුදුමයක්!!

අවි ආයුධ රැගත් රාජකීය සෙබළුන් පිරිසක් ඔහුන්ව වටකරගනු ලැබුවා..

රාජකීයයෙක්!!

කුඩා ගම්මානයක වුවත් ඔහුන් සිටියේ වනයට ආසන්නව නිසා කිසිදු ගම්වැසියෙක් මෙම සිදුවීම ඇස ගැටුනේ නැහැ..

උතුමානන් රැගෙන එන ලෙස රජතුමා අණ කලා.

ඉහල නිළ තලයක් හෙබි කඩවසම් නිලදාරියෙක් ඉදිරියට පැමින හිස නමා තරුනයන්ට ආචාර කලා..

ඔහ් හෝ!!

සුනඛ පැටවා සමඟ දුගී පෙනුමක් ඉසිලු ඔහු සෙබලුන් අසලදී කිසිදු විටෙක හිස නොනමා ගාම්භීර අයුරින් සිටගෙන සිටියේ දුගී වස්ත්‍ර සදහාද අභියෝග කරමින්.. ඒවා පරයමින්..

Deisy🌸 (Historical**✔**)Where stories live. Discover now