පහළොස් වැනි ඩේසි මල🌸

144 22 5
                                    


එහි කුමක් හෝ වරදක් තිබේද??
.
.
.
.
.

එසේයි දැන් ඔබ මා සතුයි.. ඔබ මගේ නියෝග නොතකන්නේ නම් ඔබට මරණීය දණ්ඩනය ලැබෙනවා!

ජෝන් කුමරුන් තම ගාම්භීර හඬින් පැවසුවත් කිම් හට නම් එය කුඩා දරුවෙකුගේ මිහිරි සුරතල් වදන් ලෙසම පමනක් ඇසෙන්නට විය...

කුමක්ද නියෝගය කුමරුනි!

ඉතාම යටහත් පහත්ව කිම් තම භාශාව හසුරවන්නට වූයේ තම සිත යටින් කෲර සිල්ලාවේ තම සිත්ගත් සුරතල් කුමරුගේ ක්‍රියාවන්ට සිනා සෙමින්.. තමන් මෙසේ සිදු කරනවා සුගා දුටුවොත් ඔහු මසක් තිස්සේම තමාට සිනාවන බවනම් නිසැකයි..

මෙතැන් සිට ඔබ මාගේ!

ජෝන් කඩවසම් තරුණයාගේ දෑස වෙතම එබී පැවසුවේ ස්තීර හඬින්.. කෙසේද ඔහු එක්වරක් දුටු අයෙක් හට මෙසේ සිදු කරන්නෙ.. නමුත් ඒ සඳහා පිළිතුරු සෙවීම ඔහුට වදයක් වුවෙයි.. ආත්මගත සෙනහසක් සොයා ගැනීම එතරම් අපහසු නොවුනු ඇති... ඔහු දුටු පමනින්ම තමා හට හැගුනු හුරු බව ඒ දිස්න දෙන දෑස්හි ඇති හුරු බව.. කෙසෙද ඔහු අසළින් පැමිනෙන තමාගේ ප්‍රියතම ඩේසි සුගන්ධය නුහුරු යැයි පවසන්නේ...

නමුත් උතුමාණනී.. කෙසේ..ද.. ඔ..බ රාජ කු...මාරයෙක්!

කිම් මඳක් වෙව්ලුම් හඬින් පවසා සිටියා.. තවමත් තම උකුළ මත හිඳ මුහුනට එබී සිටින ජෝන් කුමරුන් හට තමා අසළින් ඉවත් වීමට හෝ අවශ්‍ය නැති හැඩයි. එපමනක්ද තමාට ද එ සිහින් ඉඟ අත්හැරීමට කිසිසේත්ම අවශ්‍යතාවයක් නොමැතිනේ..
කුමරුගේ බැරෑරුම් මුහුන මොහොතකින් සැහැල්ලු වන අයුරු කිම් බලා සිටියේ ජෝන් ඔහුගේ හදවතේ කැඩපතක් වූ නිසයි.. සියලු හැඟීම් මුහුනෙන් පෙන්වන එක්තරා අකාරයක අපූරු කැඩපතක්..

මා කුමාරයෙක් වූවාට රාජ්‍යට මා අවශ්‍ය නොවේනේ.. මට රිසි දේ කල හැකියි..

සැහැල්ලු සිනාවක් සහ දිලිසෙන කාල වර්ණ දෑස් මතින් ඔහු පවසන දෙස කිම් බලා සිටියා.. කෙසේ ඇති වූ හැඟීමක්දැයි වැටහීමක් නැති වුවත්... එක් දෙයක් කිම්ට විශ්වාසයෙන් කිව හැකියි.. එනම් තමා වෛර කළ සිල්ලාවෙහි සිටින මේ අපූරු කුමාරයා තම හදවතේ නොමැකෙන ලෙස සිතුවම් වූ බව..

Deisy🌸 (Historical**✔**)Where stories live. Discover now