විසි වෙනි ඩේසි මල🌸

126 26 2
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.

මලයන්ඩී!!!!!

රුධිරයෙන් පෙඟී සිටි ඔහුගේ ශරීරය පුරා නැවුම් තුවාල කැළල් වූ අතර සිහියක් නොමැතිව වැටී සිටින ඔහු අන් අයගේ සිහිය විකල් කිරීමට සමත් විය.යම් දිනක තමන්ගේ කුඩා සහෝදරයා හට මෙසේවේ යැයි සිහිනෙකුදු නොසිතූ ජූන් කුමරුන් සිටියේ රෝගියෙක් මෙන් සුදුමැලි වීයි..

කිම්!!! කිම්!! සිහියට එන්න..ඔබගේ දෑස් විවෘත කරන්න... කිම්... කරුණාකර....  ඇසෙන්නේ නැති ද.. අවදිවන්න මා.. මා... මා....මරාදමනවා ඔබව!!

තම උකුළ මත කිම්ගේ හිස තබාගත් සුගා කෑගසන්නට වූයේ කිම්ගේ දෙකොපුල් වලට පහර දෙමිනි.

දෙදිනක් පමණයි.. දෙදිනයි..!!! අයියණ්ඩි එයත් එක් රැයක් පමණයි ගත වූයේ !!  ජුන් හෝ ගේ  අවසානය මා දෑතෙහි දිම සිදු වේවී!!!! ආඅර්‍ර්ර්ර්ර්!!!!

ඔහු කිරුළ හිමි කුමරු බව සැබැව. නමුත් ඔහු තම සහෝදරයන්ට ප්‍රාණ සමව ආලය කරන වැඩිමහල් සොහයුරෙක් විය. සිර කුටියෙන් පිටතට ඇඳ දමා ඇතැයි පණිවිඩය ආ කිම්ගේ යම්තම් පණ ගැහෙන සිරුර දුටු සැනින් ජූන් කුමරු සිටියේ මෙලොව නොවුනි... ගාම්භීර ප්‍රථාපවත් වූ කුමරුන් සුදුමැලි වී ගොස් තිබුනේ හදවත් රෝගියෙකු සේයි. තම සොහොයුරු මෙසේ සිටිනවා දැකීමට තම දෑස් පව් කාර වූයේ කෙසේද.. පාද එසැවීමටවත් නොහැකිව බර වී තිබෙන විට තමාද පසුකරමින් සුගා දුව ගොස් කිම් අසළ කෑගසනා දර්ශනය සිහිනයක් බඳු විය. සියල්ල බොඳවී පෙනන අතරම සුගා දෑතින් කිම්ව ඔසවාගෙන දිව යනවාත් සමඟම තමාද ඒ පසුපස ගිය බව පමණක් ඔහුගේ සිහියේ රැදුනෙ කිම්ගේ සිරුර අසළ තමා අසුන්ගෙන සිටින නිසාම විය.

පාක් ඔබ කිමද මෙතරම් වේලා ගනුයේ..!!!!

සුගාගේ රෞද්‍ර වදන් හමුවේ කඩිමිඩුයේ ඖෂධ ගල්වමින් කුටිය පුරා දුවන පාක් ගැස්සී ගියේයි. එකදු වදනක් හෝ නොදෙඩූ ඔහු සුපුරුදු පරිදිම කිම් හට ඖෂධ ගල්වන්නට විය.

Deisy🌸 (Historical**✔**)Where stories live. Discover now