දවාලේ වෙච්ච සිද්දියෙන් පස්සෙ ජිමිනවත් මංවත් ඒ ගැන කතාවක් වත් නොකරනකොට ස්කෝලෙ ඇරුන ගමන්ම මන් ගෙදර ගියේ ස්කෝලෙ ගේට් එක ලග හිටිය ටේහන්ග් බැල්මක්වත් නොදමින්.
'හික්නලා.ගොන් කබරයා වලස් මොටයියා ගොඩේ හැත්තලු. අමෝර් අමෝර් බොහොම අගෙයි ප්‍රතාපවත් පාසලේ ප්‍රධාන සිස්ස නායකයගෙ කතාන විලාසෙ.දරා ගත නොහැකිව බිම ඉන්දවුනා. ඌ හිතුවද දන්න මන් ඌ මොකාද කියල දැන්ගන්න උගෙ ජන්ම පත්‍රේ නලලේ කොටන් ඉන්නවා කියලා. අමෝ අමෝ ප්‍රින්ස් චාල්ස් කියලා වෙන්ටැති හිතේ. පක තමා. උන්මාද චිත්‍රා වගෙ එක්ටෑම් ගෙයක් හිරකෙරුව නම් හරි. එතෝට මන් දීගගාමින් වගේ ඌව බඩ කරලා එහා ගෙදර මදුරි එක්ක හදපානෙ පැනලා යනවා.ම්හුක් මහ ඕන් නෑ'
වෙනදට ස්කෝලෙ එකහාමරට ඇරියාම පත නයි ඇර ඇර වැල් බයිල ගහ ගහ බස් හෝල්ට් එකෙ ටැක් ගැහි ගැහි ඉදලා ගෙදර එනකොට තුනපහු වුනත් අද නම් මූඩ් ගහලා හිටිය නිසා දෙක වෙනකොට ගෙදර ආවා.ඒ ආව ගමන් ඇදුම්වත් මාරු නොකර යුනිෆෝම් එක පිටින් එහෙම්ම ඇදට පැන්නෙ මට ඒ වෙනොකටත් හොදටම දුක හිතිලා තිබුන නිසා.
"ජන්කුක් පුතේ කොල්ලො"
"ඕඕ අම්මා"
"ඔය ඇග පත හෝදන් ඇවිල්ලා මේ කෑම දෙකක් තියෙනවා දීල එන්ටකෝ. අම්මට යන්න බෑ කඩේ සෙනග එනවා"
"හ අම්ම ඉන්න මන් එන්නම්"
එහෙම්ම තෝන්තුවෙන් වගේ ඇදෙන් බැහල ඔක්කොම ඇදුම් ටික ගලවලා ටවල් එක ඇදන් බාතෲම් එකට රින්ගගෙන නාන්න පටන්ගත්තේ ඇස් වල වැටෙන වතුර අස්සෙනුත් අර බිබික්කම් ටේහන්ග් ගේ මූන පේනකොට.එව්ව්. තරහ ගියාම එයා හරි සෙස්සි අනේ.යෝහ් උබටත් ලැජ්ජ නෑ ජන්කුක්
.....................................................................
"අම්මේඒඒඒ කෝ පාර්සල් දෙක දෙන්ඩෝ "
"ඔය මේසෙ තියෙන්නෙ ඒ දෙක"
"කොයි ගෙදරට ද ගිහින් දෙන්නෙ ඕනෙ"
"අර නානා විකනපු හන්දියේ තියෙන බංගලවාට.ඊයේ එහෙ පදින්චියට ආව මහත්තයා ගෙදරට ඇවිත් කියලා ගියෙ තුන්වෙලෙටම කෑම දෙන්න කියලා. හරි සීදේවි මහත්තයා.මහ ඉස්පිරිතාලෙ දොස්තර කෙනෙක්ලු නේ"
YOU ARE READING
LOVE AT THE FIRST SIGHT (TAEKOOK )
FanfictionTOP-TAE BOTTOM -KOOK ස්කූලේ හෙඩාට හිත ගියපු හුරතල් කොල්ලෙක් ගේ ආදර කතාව