_Sumudu pov_
" තව තව ගුරෝ ජප කරද්දී මහා රූස්ස ගහ ට හේත්තු කොරල තිබුන මිනියේ දිව දික් වෙන්න ගත්තා.... කාල හිටියේ ඒ හේත්තු කොරලා තියෙන මිනිය පැත්තට කකුල් දාලා බිම හාන්සි වෙලා... ඔහොම ඔහොම තමා බං කාලයා යකෙක්ටවත් බය නැති එකෙක් වුනේ..."
මං අහගෙන ඉන්නවා හැමදාම සේදිරිස් මාමා මගෙ ගුරුන්නාන්සෙ ගැන කියන කතා. ආසාවෙ බැ.. කොච්චර ඇහුවත් එපා වීමකුත් නෑ නෙව මට... උන්දගෙ වයසට නෙවෙයි උන්ද ගිහිං තියන දුර... කොච්චර දන්නවා උනත් ගුරුන්නාන්සෙ කියන්නෙ ම මං තාම මොනාද බොල දන්නෙ... ඔච්චරයි... උන්දගෙ නෑ වෙන උන්ගෙ ලොකුකම්... මං අද වෙද්දි ගුරුන්නාන්සෙ මාමාගෙ ගෙදරට ඇවිල්ලා මාසයක් ගෙවුනා. මාමා කියන්ට කිව්වට මං ආසම උන්දැට මයෙ දෙයියො කියන්ට... ඒත් ඔව්වා කියන්නෙ මයෙ හිතෙන් විතරයි... මොන විපත්තියක් දෝ මන්දා.. මම තවටත් මයෙ දෙයියො මට කතා කොරද්දි කතා කොරන්නෙ වැලි ගනන් කොරන ගමන්. උන්දැගෙ මූණ බලන්ට මට ලැජ්ජයි නෙව. එතකොට මං රතු වෙන්නෙ රතු අලයක් වගේ... ඒක හින්දදෝ මන්දා මයෙ ගුරුන්නාන්සෙ මට කතා කොරනවා අඩුත්... ඒත් මං ආසයි නෙව උන්දයි මායි තනිවෙන තැංවලට...
" සුමුදු කොලුවො..."
" ඕ.. ඕ... මාමා "
" මොන අහකද බොල උබෙ ඔය සිහිය කොයිවෙලේත් දුවන්නෙ... මං දැං කී පාරක් නං උබට කතා කොලාද..."
සේදිරිස් මාමා කටේ තියන හපෙන් විසික් කොරන ගමන් මගෙ ඔලුවටත් එකක් ඇන්නෙ මාත් දත් වහල්ල ම පේන්න මෝඩ හිනාවක් මාමාට දාද්දි. මොනා කොරන්ටද දැං දැං මයෙ හිත මේ ගමේ ම ගුරා උරා බොනවා නෙව... පව් මේ අහිංසක සුමුදු...
" ආං ආං ගුරුන්නාන්සෙ මාමා එනවා..."
බෙහෙත් වාගයක් ගන්න ආව එහා ගමේ එව්වො කීප දෙනෙක් ගේට්ටු පලුත් ඇරගෙන කල්පනාකාරීව වලව්ව පැත්තට එන මයෙ දෙයියො පෙන්නල කෑ ගහද්දි මං හනික කුස්සියට දිව්වෙ මයෙ දෙයියන්ට තේ වතුර ඩිංගිත්තක් වක් කොරන්ට.
" ආහ්.. ආහ්... මොකදෑ මේ..."
කුස්සියේ උය උය හිටියෙ මයෙ දෙයියන්ගෙ අම්මා කුමාරි මැණිකෙ තවත් ගෑනු පරාන කීප දෙනෙකුත් එක්ක වෙනකොට මට තිබුන හදිස්සියට කියවුනා.
YOU ARE READING
කාල.... (Yizhan)
Fanfictionකඩවර දෙව් වරම් දරණ බය නොහදුනන... යකුන් වහලුන් කරගත්ත මහසෝණ් මිතුරු වුන... සොහොනෙ ගෙවල් බැදි ඔහු නමින් කාල...... නෙලුමක පෙති හා සම බිය ඕනෑවටත් වඩා හදුනන... කාලගෙ අත් අතර සැග වුන රෝස කුසුම... ඔහු නමින් සුමුදු.....