හත්වන දිගහැරුම...

254 59 7
                                    

කාල තම මාමාත් කෙදිනකවත් නැතිව එදින සුමුදුවත් රැගෙන මහ වනය වෙත ඇදෙමින් හුන්නේ ය. කාල, වණ අරණට පළවෙනි අඩිය තබද්දී ම එකට ගුලි වී නිදා සිටින මහ රූස්ස ගස් පවා එක් පාසෙකට ඇඹරෙමින් හමා ආ තද සුළගට සෙළවී ගියේ කවුරුන් හෝ කාලගෙ පැමිණීම කෙම්මුරක්  වූ එදින බලාපොරොත්තුව සිටියා සේ ය.

කාලත් පිරිසත් වණය තුලට අඩි තබද්දී සුමුදුත් ඒ පිටුපස ඇදුනේ හිතේ වූ දෙගිඩියාවෙන් බියත් අපහසුවෙන් දරා ගනිමිනි. එසේ ම වටපිට නොබැලූ ඔහු හිස කෙලින් තබා ගෙන ඉදිරිය බලාම පියවර තැබුවේ වටපිට බැලීමෙන් කවුරුන් හෝ තම ඇස ගැටේවි බියෙන් මෙන්‍ ය.

අතර මග නැවතීමකින් තොරව වණ මධ්‍යයට ම පැමිණි ඔවුන් කාලවර්ණයෙන් ගණව වසාගත් අකාශය පෙනෙන ගස් කිහිපයකින් වට වූ ස්තානයක නතර වූවෝ ය.

" කාලයො මොකෑ මෙතනම.... මේ පොඩි එකාවත් ඇන්නැවිත්..."

අදුරු නමුත් සුපැහැදිලි ආකාශය දෙස බලා සිටින කාල දෙස බැලූ සේදිරිස් පැවසුවේ බියෙන් තැතිගෙන බිම බලා සිටින සුමුදු දෙස දෑස් කොනින් බලමින් ය.

" මේක මගෙ මිතුරගේ අඩවිය බොල... ඉතිං මොකදැ...."

" මං මේකව ඇන්න යන්නං.. උබ ඉදිං එහෙනං... උන්දැ උබෙ මිත්තරයා වුනාට අපෙ නෑ නෙව...."

" එපා... උබ පලයං මාමා... සුමුදුව ඔහොම ඉදපුදෙං...."

" ඒත්...."

" උබ පලයං මාමා..."

කාලගෙ දෙවෙනි අණ කිරීමෙන් මදක් පසුබැසි සේදිරිස් කරබාගනිමින් එතැනින් පිට වුනේ බිය වී සිටින සුමුදුත් කාලත් එහි තනි කරමිනි.

කාල තම තේජස් ගමනින් ම සුමුදු වෙත ලං වූයේ ය. සුමුදු බිම බලාගත්වන ම සිටියේ ය.

" උබ බය වෙලාද මයෙ මැණිකෙ...."

සුමුදුගෙ නිකටින් අත් තැබූ කාල සුමුදුගෙ බිය පත් මුහුණ ඉහලට එසවූයේ ය. සුමුදුගෙන් වචනයක් හෝ පිට වූයෙ නැත. ඔහු කාලගෙ දෑස් දෙසම බලා සිටියේ සිදුවන දෙයක් නොවැටෙහෙන ලෙසින් ය.

" ම්...මහ... සෝණා මහ යකෙක් මයෙ දෙයියො... අනේ... අපි ය්.. යමුකො..."

" හ්ම්ම්...  යකෙක් බව නං ඇත්ත මයෙ අම්මා.. ඒත්.. "

සුමුදු කාල දෙස දෑස් අයා බලා සිටියේ කාල කියන්නට තනන දෙය ඇසීමෙ බියෙන් මෙන් ම ආශාවකුත් ඇතිවය.

" මං උබට දෙයක් කියන්නං මයෙ අම්මා.. උබ මාව විස්වාස කොරනවා නං ඒක අහලා.. මයෙ මිතුරා හොද එකෙක්ද නැද්ද කියලා හිතලා... මයෙ අම්මා මෙතන ඉදිං නැත්තං මං තරහ නැ.... මයෙ අම්මට මෙතනින් යන්න පුලුවං... "

" හ්ම්ම්..."

සුමුදු තම සිහින් අත් කාලගේ හැඩි දැඩි නහර පිරි අත් වටා ගෙන යමින් ඒ සිරුරට තවත් කිට්ටු වෙමින් හූමිටි තැබුවේ ය.

යකුන් මලපෙරේතයන් දේවතාවන් කුම්බාන්ඩයන් යනාදි අමනුස් කුයිල දසතින් ගලමින් තිබුනේ ය. ඒ කුයිලෙ තව තවත් දැඩි ලෙස නාස් කුහර හරහා සිරුරට දැනුනත් කාල තම සිත් උමතු කල සුමුදු සමග මහ කැලෑවෙ එක් කුයිලෙකට ඉව අල්ලමින් හුන්නේ ය.

කාල.... (Yizhan)Where stories live. Discover now