නහස් කුහර තුලට දැනුනු තමාට සමීපම කුයිලය වූ මහසොහොන් කුයිලය සුමුදුගේ නාස් පසාරු කරමින් හමා යද්දී කාල තමා ඉදිරියේ වූ එක් උසකින් ම යුතුව වර්ධනය වී තිබුනා වූ ගස් සමූහය දෙස නෙත් අයාගෙන බලා සිටියේ ය.
හඹා ආ විශාල සුලගත් සමග එකිනෙක ඇතිල්ලෙමින් පැවති ගස් මහා බලවන්තයකුගේ පැමිණීම කියාපාමින් හුන්නේ ය.
" මහ එකා..."
කාලගේ මුවින් පිට වූ වදන් සුමුදු පෙරට වඩා තැතින් ගැන්වීමට සමත් වූයේ මහ එකා කෙරෙහි සුමුදුගේ සිතෙහි වූ අසීමිත බිය නිසා ය.
" මයෙ මැණිකෙ මං උබට කියන්නද මයෙ මිතුරා ගැන..."
" හ්...හා "
මහ වනය තුළින් එන ඇග කිලිපොලා යන ශබ්ද මෙන් ම සීතල සමග ඇති වෙමින් පවතින බිය යටපත් කරමින් සුමුදු හූමිටි තැබුවේ කාල මුල පුරණ කතාව ඇසීමේ අරමුණිනි.
" හොදට අහගනින් මයෙ මැණිකෙ...."
කාලා තමාට තුරුලුවන් සුමුදුව තව තවත් තම දෑත් අතරට සිර කරගනිමින් තම කතාවට මුල පුරන්නට වූයේ ය.
" මයෙ මැණිකෙ අහලා ඇති නෙ.. දුටුගැමුණු මහරජතුමා ගැන.. හ්ම්ම්..."
" ම්ම්... අහලා තියනවා..."
සුමුදු තමාට වඩා උස කාල දෙස හිස ඔසවමින් බලා පැවසුවේ ය.
" හ්ම්ම්... රජතුමාගෙ මහා සේනාවෙ හිටියා... ගොඨයිම්බරයි, ජයසේනයි කියලා යෝධයො දෙන්නෙක්... දෙන්නා ගජ මිතුරො... ඒත් දවසක් තියන රාජකීය උත්සවයක දි වාසනාවටදෝ අවාසනාවටදෝ ජයසේනයා දකිනවා ගෝඨයිබරයගෙ රූමත් බිරිදව.... "
" ඉතිං..."
" අහං ඉදපල්ලා මයෙ මැණිකෙ..."
සුමුදුගෙ සියුමැලි කම්මුලක් මිරිකමින් කාල සිනාසුණෙ ඔහුගේ මුහුණේ කලාතුරකින් දැකීමට හැකි සිනහවෙන් පුරවගනිමිනි.
" හුම්ම්..."
" ඉතිං.... කරටි කැඩෙන්නම හොදට සප්පායම් වෙලා ඉන්න ජයසේන යනවා ගෝඨයිබරයගෙ බිරිඳ ගාවට... ඕක දකිනවා ගොඨයිම්බරයා.... ජයසේනයන්ගේ හිතේ උපදින පිවිතුරු වූ ආලෙ... එදා ඒ කටම සාප කරනවා.... ගෝඨයිබරය හිතන්නේ ජයසේනයා තමන්ගෙ බිරිඳ උදුරගන්න හදනවා කියලා... ඉතින් ගෝඨයිබරය ජයසේනයට යුද්දෙකට ආරාධනා කරනවා.... "
YOU ARE READING
කාල.... (Yizhan)
Fanfictionකඩවර දෙව් වරම් දරණ බය නොහදුනන... යකුන් වහලුන් කරගත්ත මහසෝණ් මිතුරු වුන... සොහොනෙ ගෙවල් බැදි ඔහු නමින් කාල...... නෙලුමක පෙති හා සම බිය ඕනෑවටත් වඩා හදුනන... කාලගෙ අත් අතර සැග වුන රෝස කුසුම... ඔහු නමින් සුමුදු.....