" සුමුදු... උබ මක්කද කොරන්නෙ... මෙහෙ ආවනං...."
" එ... එන... එනවා ගුරුන්නාන්සෙ...."
දේවිගේ ගෙදර සිට පැමිණෙන කාල ගාම්බීරව තම දෑත් පිටුපසට බැද ගනිමින් ඉදිරිය බලා ගමන් කරමින් හුන්නේ ය. ඔහු පසුපසින් පැමිනෙන සුමුදු කාල පසුපස පියවර තැබුවේ වලව්වට නොයා බැරි නිසා ම මෙන් ය.
තමා පසුපසින් දිගින් දිගටම ආ අඩි ශබ්දය නෑසි ගියෙන් කාල ආපසු හැරී බලන විට සුමුදු ගල්මුල්වලට පා පහරවල් ගසමින් පැමිණෙමින් සිටියේ ය.
" උබට මක්කද වෙලා තියෙන්නේ..."
" ම... මට...."
" ඔව්.... ඔව්.. මෙතන වෙන් වුන් නෑ නෙව..."
" මම මු...මුකුත් නෑ.. ගුරුන්නාන්සෙ මාමා..."
" හ්ම්... හ්ම්.. යමල්ලකො... එහෙනම්..."
කාලත් සුමුදුත් තම තමන්ගේ ලෝකවල කිමිදෙමින් වැව් කන්ඩිය තෙක් ආවෝය. මදක් තම පසුපස නැවත හැරී බැලූ කාල කාන්තාවකටත් වඩා තම සිත මත් කරන සුලු ගමන් ලීලාවකින් පැමිණෙන සුමුදු දෙස බලා හුන්නේ ය.
බිම බලාගෙන ම ඉදිරියට අඩි තැබූ සුමුදු තමා දෙස බලා සිටින කාලගේ රුව නුදුටුවේ ය. ඉදිරිය බැලීමකින් තොරව පැමිණි ඔහු පාර මධ්යයේ සිටගෙන සිටින යමක හිස වැදීමෙන් ඉදිරියට තැබූ පියවර නවතා තම දෑස් ඔසවා බැලුවේ ය.
එවිට මුව අග මැවුනු ආඩම්බරකාර සිනහවක් සමග කාල සුමුදු දෙස බලා හුන්නේ ය. තමා බිම බලා ගමන් කිරීමෙන් කාලගෙ පපුවෙහි තමා වැදි ඇති බව සුමුදුට සිහියට පැමිණියේ එවිට ය. කාලගෙ මුහුණ් දුටු සැනින් ම සුමුදු හිස නැවතත් බිමට නැඹුරු කරගෙන පසුපසට අඩියක් තැබී ය.
එහෙත් ඔහුගේ සුහින් ඉන වටා එතුනු දෘඩ හස්තය ඔහුව පෙර තමාගෙ ගමන නැවැත් වූ පපුව වෙත ඉක්මනින් ඇද ගත්තේ ය.
" කොහෙද උඹ දුවන්නේ..."
සුමුදුගේ බිය මුසු දෑස් කාලගෙ ගෙල දෙස බලා හුන්නේ කාලගේ ගැඹුරු දෑස් දෙස බැලීමට තරම් හැකියාවක් නැත්තා සේ ය. සුමුදුගෙ සුමුදු දෑත් කාලගෙ පපුව මත තද වී තිබුනේ එකට ගුලි වී කුඩා දරුවෙකුගේ සේ ය.
" ගුරුන්...... ගුරුන්නාන්සේ ම්....මාමා..."
" ඔය මාමා ගාන එක නවත්තපංකො මයෙ අම්මා...."
" ම්...මාමා..."
කාලගේ හදිසි ඇමතුමත් සමග සුමුදුගේ දෑස් විශාල වුයේ ඔහු නොදැනුවත්වම ය. කාල තව තවත් කුඩා තරුණයාව තම සිරුර වෙත තද කර ගත්තේ තමාගෙ සාමාන්ය හැසිරීම ඉක්මවා යවමින් ය.
" උබ ආසද බං... මාත් එක්ක මහසෝණා බලන්න..."
පෙම්වතෙක් හෝ වෙන යම් දෙයකට ආශාවක් ඇත්තේ නම් ඇසට ආශා උපදවන ස්තානයක් බැලිමට යාමට කතා කලත් තම ගුරුන්නාන්සේ මෙවන් යමක් ඇසීම සුමුදු හට එක් පසෙකින් අරුමයක් වුවත් සොහොනෙ ගෙවල් බැදි කාලගෙ කෙරුම් අසා තිබූ ඔහුට එය තවත් පසෙකින් සාමාන්ය දෙයක් වූයේ ය.
" ම්...මම... මහ.... මහසෝණට බයයි මයෙ දෙයියො..."
" මයෙ අම්මා... උඹෙ දෙයියො ඉද්දි අහවල් මගුලකට බය වෙන්න ද... ම්ම්හ්...."
කාල තම රළු දෑගිලි සුමුදුගෙ මුහුණෙහි සියුම්ව ගෙන ගියේ සුමුදුගේ දිගැටි දෑස් සරාගී ලෙස පියවෙද්දී ය.
______________________
කෙම්මුරයක් වූ එදින කාල පැහැ වලාවන් මුළු අහස් කුසම වසා ගෙන සිටියේ ය.
සමාවෙන්න....
වැඩ වැඩියි 💔
YOU ARE READING
කාල.... (Yizhan)
Fanfictionකඩවර දෙව් වරම් දරණ බය නොහදුනන... යකුන් වහලුන් කරගත්ත මහසෝණ් මිතුරු වුන... සොහොනෙ ගෙවල් බැදි ඔහු නමින් කාල...... නෙලුමක පෙති හා සම බිය ඕනෑවටත් වඩා හදුනන... කාලගෙ අත් අතර සැග වුන රෝස කුසුම... ඔහු නමින් සුමුදු.....