පස්වන දිගහැරුම...

237 64 8
                                    

" මම මොකද්ද බොල මේකිට කොලේ...."

කාල ඇසුවේ ගැඹුරු හඬකින් ය. අවට වූවන්  වික්ෂිප්ත වී භූතාත්මය වැසි කියවන දේවි නම් තරුණිය දෙසත් ඇයගෙන් ප්‍රශ්න අසනා කාල ගුරුන්නාන්සේ දෙසත් බලා සිටියෝ ය.
මොහොතකට සියල්ල නිශ්ශබ්ද විය. එක් වරක් දේවිගේ කාමරය දෙසත් නිවසේ දොරකොඩ දෙසත් බැලූ භූතාත්මය රතු පැහැ නෙතින් කාල දෙස බැලී ය.

" උඹට මතකද ගුරුන්නාන්සේ... මේකි ගිය සුමානේ වැව් ඉස්මත්තේදී උඹව මුනිච්චි වෙලා උඹෙන් අහපු කාරණාව...."

කාල තම තරමක් වර්ධනය වූ රැවුල අතගාමින් කල්පනා කරන්නට වූයේය. දේවි තමාට මුනිච්චි වූ බව කාලට මතකයෙ වූයේය. මොහොතකින් තමාත් දේවිත් අතර වූ සංවාදය මතක් වූ කාල භූතාත්මය වැසී සිටින වේවි දෙස බැලීය.

හැන්දෑ ගොම්මන පරිසරය අරක් ගනිමින් සිටියේය. අවට ගම්මුන් මෙන්ම සුමුදු ද ගෙතුළ වන විපර්යාසය දෙස නෙත් අයා සිටියේ කාලගේත් භූතාත්මය ගේත් ඉතුරු සංවාදය ඇසීමට මෙන්ය.

" හ්ම්ම්... මට මේ දැරිවිව මුනිච්චි වුණා..
ඉතින්..."

" ඉතින් කියන්නේ.... උඹට මතකද ගුරුන්නාන්සේ ඒකි උඹෙන් අහපු දේ..."

" හ්ම්ම්ම්.. මතකයි.. "

" ඒකි උඹෙන් ඇහුවා... ගුරුන්නාන්සේ මං උඹ හැට මනාපයි.. උඹ මනාප ද...... උඹට මතකද ගුරුන්නාන්සේ..."

භූතාත්මය කාල දෙස බලා වදන් ගලපද්දි මුළු පරිසරයම මීයට පිම්බාක් මෙන් නිහඬ විය.

මුළු ගම්මානයේ ම හුන් තරුණියන් කාලට කැමති බව සැබෑ ය. එහෙත් කාලගෙ මුහුණටම එය අසන්න තරම් හැකියාවක් කිසිවෙකුට ඇති බව නොසිතන්නට ඇත. එසේම ගම්මානයේ ම රූමත් තරුණිය වූ දේවි තමාගෙන් කැමැත්ත අහන්නා වූ සෑම තරුණයෙක් ම ප්‍රතික්ෂේප කර කාලගේ මුහුණටම කැමැත්ත ඇසීම භූතාත්මයේ මුසාවක් කියා සිතීමට පවා ඉඩ ඇත.

කවුරුන් කෙසේ සිතුවත් එක් අයෙක් පමණක් හුන් තැනම මුල්ලට වෙමින් තම මුහුණ සැමගෙන් ම සැගවීමට උත්සහ දරමින් සිටියේ ය.

" හ්ම්.. මං මැරිලා ඉපදුන්නෑ නොවැ.. අමතක වෙන්න... මට මතකයි.. ඒකි මගෙන් ඇහුවා.."

" ඉතිං උඹ බැ කිව්වා.. මතකද... උඹට... "

" හ්ම්ම්ම්...."

" මේ දේවිට මේ ගමේ අකමැති එකෙක් නෑ බොල... එහෙව් තෝ කොහොමද මයෙ දේවිව ප්‍රතික්ෂේප කොලේ... කියපල්ලා.."

භූතාත්මය මහ හඬින් කෑ ගසන්නට විය. ඇයගේ හඬට අපට බලා සිටියවුන් ද තම සවන් දෑතින් වසා ගත්තෝය.

සියල්ලන්ගේ ම සැඟවීමට උත්සාහ කළ ඔහුගේ මුහුණෙහි සියුම් සිනහවක් ඇඳී මැකී ගියේය.

" මං ආදරෙ කොරන්නෙ මට ඕනි කෙනාට බොල... එහෙම එකෙක් ඇහුව පලියට කැමතී කියන්න මේ ගුරුන්නාන්සෙ කවුරු කියලා හිතුවද තෝ... "

" හා... මහ ලොකු ගුරුන්නාන්සෙ... පුලුවන් නං මාව එලවපං.. "

" සුමුදු... ගෙනෙන් ඔය වැලි අහුරක් මෙහාට..."

මොහොතකින් ගෙයින් පිට හුන් සුමුදු වැලි අහුරක් ඇතැතිව ගුරුන්නාන්සෙ ලග සිටගෙන සිටියේ ය. සුමුදු අතින් වැලි අහුර අතට ගත් කාල හිද වුන් අසුනෙන් නැගිට වැලි අහුර සහිත අත තම මුව වෙත ලං කර මුමුණන්නට වූයේ දෑස් කොණෙන් තමා දෙස බලා මුවගින් සිනාසෙන භූතාත්මය වැසී සිටින දේවි දෙස බලමින් ය.

තමා අත වූ වැලි අහුරට මැතිරූ කාල එය එක්වරම දේවි දෙසට දමා ගැසුවේ දේවි අහ හඩින් කෑ ගසා බිම ඇද වැටෙද්දී ය.

" හ්ම්.. මේක ඕකිගෙ ඉනේ බැදපල්ලා.. හෙට දිහාට වෙද ගෙදරට එක්ක වරෙං... "

" එහෙමයි... එහෙමයි... ගුරුන්නාන්සෙ..."

_______________



කාල.... (Yizhan)Where stories live. Discover now